20 වැනි සංශෝධනය ජනවරම පාවා දීමක් : තමන් පත්කළ ජනතාව ගැනවත් රජයට විශ්වාසයක් නැහැ!
යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලැබූ ජනවරම පාවා දීමක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර යි.
එම පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළා ය.
ජනතා පරමාධිපත්‍යට ගරු කරන ආණ්ඩුවක් ලෙස පෙනී සිටියත්, ජනවරම වෙනුවෙන් ක්‍රියා කරන බව සපථ කළත් එය පුස්සක් පමණක් බව මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.
"ප්‍රජාත්නත්‍රවාදී ව්‍යයුහයක් තුලදී ජනවරම ක්‍රියාත්මක වෙන ආයතන තියෙනවා. ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක සහ ආරක්ෂා වෙන සියලු ආයතන දුර්වල කිරීමක් තමයි 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කරන්න බලාපොරොත්තු වන්නේ."
පාර්ලිමේන්තුව බල රහිතයි... දුර්වලයි
"විශේෂයෙන්ම, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කරන ප්‍රධානතම ආයතනය වන පාර්ලිමේන්තුව කිසිම බලයක් නැති ආයතනයක් බවට මේ තුලින් පත්වෙනවා. ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට වගකියන ඒ ව්‍යුහය, ඒ සම්බන්ධතාවය මුළුමනින්ම මෙයින් විනාශ කරලා දුර්වල කරන තැනකට තමයි පත්කරලා තියෙන්නේ. රජයේ ප්‍රධාන වගකීමක් දරන අගමැතිටත් කිසිම බලතලයක් මෙයින් ලැබෙන්නේ නැහැ. මෙය අපි දකින්නේ ලැබිලා තියෙන විශාල ජනමතයට පයින් ගසා ඇති ආකාරයක්."
තමන් පත්කළ ජනතාව ගැනවත් රජයට විශ්වාස නැහැ!
තමන්ගේ ප්‍රතිවාදියා පමණක් නොව කැබිනට් මණ්ඩලය, තමන්ට ඡන්දය දුන්න ජනතාව පවා රජයට අවිශ්වාස බව ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
"තමන්ගේ ප්‍රතිවාදියා විතරක් නෙවෙයි තමන්ට ඡන්දය දුන්, තමන් පත් කළ ජනතාවම මේ තුලින් ප්‍රතික්ෂේප කරනවා, විතැන් කරනවා. සහ ආණ්ඩුව තුලම ඉන්න කැබිනට් එක අගමැති, සෙසු මැති ඇමතිවරු සියලු දෙනාම අවිශ්වාස කරන සංස්කෘතියක් තමයි මේ රජය තුල තියෙන්නේ"
ජනතාවාදී රජයක් ලෙස පෙනී සිටියත් ඔවුන්ගේ සැබෑ ස්වරුපය මෙයින් හෙළිවෙන බව ඇය සඳහන් කරයි.
"එක පුද්ගලයෙක් සහ ඒ පුද්ගලයා වටා සිටින කුඩා කල්ලියකට ඇරෙන්න ඉස්සරහට එන රාජ්‍ය ව්‍යුහය තුල කිසිම බලයක් කිසිම වගවීමක් නැති විදියට තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරලා තියෙන්නේ. යම්කිසි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුල ජනතාවට රජ්‍යකරණයට සම්බන්ධ වීමට හැකිවීම හෝ ජනතාවට ආණ්ඩුවක් කොහොමද වගවිය යුත්තේ යම්කිසි ප්‍රතිපාදන හෝ යම්කිසි සැලැස්මක් තිබුනා නම් මේ ව්‍යවස්ථාව තුල ඒ සියල්ලම ඉවත් කරලා කුඩා කල්ලියක් තුල රජය පාලනය කිරීමේ ප්‍රයත්නය තමයි අපි මෙතන දකින්නේ."
78 ව්‍යවස්ථාවටත් වඩා අන්තයි!
"1978 ව්‍යවස්ථාවට වඩා අපේ රට පිටිපස්සට ගෙනියන සංශෝධනයක් තමයි 20. 1978 ව්‍යවස්ථාවේ තිබ්බ විශාල අඩුපාඩු 17 සහ 19 සංශෝධන තුලින් යම්කිසි විදියකට හදා ගන්න පුළුවන් වුනා. 20න් ඉතාමත් නොදියුණු විදිහේ ව්‍යවස්ථාවක් තමයි අපි වෙත මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. තමන්ගේ අතට බලය කොහොමද ගන්නේ කියන එක මිසක් රටේ සුබ සිද්ධිය, ජනතාවගේ අභිවෘද්ධිය සඳහා කරන සංශෝධනයක් නෙවෙයි කියන එක හොඳටම පැහැදිලියි. එය මෙතන ඇති ලොකුම විහිලුව සහ ඛේදවාචකයයි."
"මේ ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන කැබිනට්ටුවේ ඉන්නෙත් 1978 ඉදන් ව්‍යවස්ථාවේ තිබ්බ ඒකාධිපති ස්වරුපයට විරුද්ධ වෙච්ච සහ ඒ වෙනුවෙන් හිරේ උනත් ගිය පිරිසක් .. 1978 ඉදන් මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ගත්ත සෑම ප්‍රයත්නයකදිම, යම්කිසි විදියකට ප්‍රගතිශීලි ප්‍රජාතන්ත්‍රවාදී තැනකට ගෙනියන්න හදපු අවස්ථා වලදීත්, නැවත වතාවක් එය ආපස්සට අදින වෙලාවෙදිත් ඉන්නේ එකම කණ්ඩායමක්. එයින් පැහැදිලි වෙනවා ඔවුන්ට කිසිම දේශපාලන ප්‍රතිපත්තියක්, මතවාදීව කරන මැදිහත් වීමක් නෙවෙයි හුදෙක් තමන්ගේ බල අරගලය වෙනුවෙන් කරන මැදිහත් වීමක් කියලා ."
ව්‍යවස්ථාවත් එක්ක සෙල්ලම් කරන්නේ..
වත්මන් රජය විසින් රටේ ප්‍රධාන නීතිය වෙනස් කිරීමට උත්සහ කරන්නේ රට වඩා ශිෂ්ට සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී තැනකට ගෙන යාම සඳහා නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී සඳහන් කරයි.
ආචාර්ය හරිනි අමරසූරිය
"රටේ ප්‍රධාන නිතිය වෙනස් කරන්න හදන්නේ රටේ සුබසිද්ධිය හෝ ජනතාවගේ සුබ සිද්ධිය හෝ රට වඩා ශිෂ්ට සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී තැනකට ගෙනියන්න නෙවෙයි තමන්ගේ බල අරගලය වෙනුවෙන් කියන එක පැහැදිලියි. ව්‍යවස්ථාවේ තියෙන ඒකාධිපති ස්වරුපය වෙනස් කරන්න අරගල කරපු උදවිය මේ සංශෝධනයට කොහොම එකඟ වුනා ද කියන එක තේරුම් ගන්න බැහැ. ඔවුන්ට දේශපාලන ප්‍රතිපත්තියක්, දේශපාලන දර්ශනයක් නැහැ. තමන්ගේ දේශපාලන පන්තිය වෙනුවෙන් දේශපාලන කල්ලිය රැකගැනීම සඳහා බලයට තියෙන ලොබ කම මිසක් වෙන දෙයක් නැහැ. ඒ නිසා ජාතික ජන බලවේගය හැටියට අපි යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සම්පුර්ණයෙන්ම විරුද්ධයි. පාර්ලිමේන්තුව තුල ගත හැකි සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා වගේම ගත හැකි වෙනත් ක්‍රියාමාර්ග මොනවද කියන එක ගැනත් අපි සාකච්ඡා කරනවා."
©විපක්ෂය