සිරදඬුවමක් නිසා මාස 30ක් මට පාර්ලිමේන්තු එන්න දුන්නෑ: නීතිය අපිට විතරද?

 මරණිය දණ්ඩනය නියම වෙච්ච පුද්ගලයෙකුට පාර්ලිමේන්තු සැසිවාර වලට සහභාගී වීමට ව්‍යවස්ථානුකුලව හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවස යි.

"අපි දන්නා තරමට ව්‍යවස්ථානුකුලව මරණිය දණ්ඩනය නියම වූ කෙනෙක් පාර්ලිමේන්තුවේ සැසි වාරවලට සහභාගී වෙන්නත් බැහැ. ඡන්දය පාවිච්චි කරන්නත් බැහැ. ඒක ව්‍යවස්ථාවේ පැහැදිලිව කියා තියෙනවා. ව්‍යවස්ථාව කියන්නේ නීතිඥයොන්ට විතරක් තේරෙන එකක් නෙවෙයි. ව්‍යවස්ථාව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට කියෙව්වම තේරෙන්න ඕන."

මරණ දඬුවම් නියම වූ ප්‍රේමලාල් ජයසේකර අද (8) දින මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමේ මතභේදාත්මක සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2010 වසරේ සිරදඬුවම් හිමිවීම නිසා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දී සිටිය දී පවා සැසිවාරවලට සහභාගී වීමට එවක කතානායක අවසර ලබා නොදුන් බව ය.

 

unnamed 2

 "කථානායකතුමනි ඔබතුමා ඉදිරියේ මන්ත්‍රීවරයෙක් හැටියට දිවුරුම් දුන්නේ මරණ දණ්ඩනයට නියම වෙච්ච පුද්ගලයෙක්. අධිකරණය තීරණය දීලා තියෙන්නේ ජනතාව මෙයා තෝරගත්ත නිසා මෙයට ඇවිල්ලා දිව්රන්න දෙන්න කියලා. ඒ තීන්දුවේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා එතනින් එහාට සැසි වාර වලට සහභාගී වීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීම තීරණය කළ යුත්තේ ඔබතුමා කියලා. එතකොට මට සිරදඬුවමකට මාව හිරේ තියල මාස 30කට මට පාර්ලිමේන්තුවට එන්න කතානායක අවසර දුන්නේ නැහැ. කතානායක කිව්වා පාර්ලිමේන්තුවට එන්න අවසර නැහැ කියලා හිරේ ඉන්න කෙනෙකුට. ඒ කතානායක මෙතන වාඩිවෙලා ඉන්නවා. එතකොට මරණිය දණ්ඩනය නියම වෙච්ච කෙනකුට ඔබතුමාගේ පැත්තට දැන් බෝලේ දාලා තියෙන්නේ.ඔබතුමා අවසර දෙනවද මරණිය දණ්ඩනය නියම වෙච්ච කෙනකුට පාර්ලිමේන්තු සැසිවාර වලට සහභාගී වෙන්න? ඡන්දය දෙන්න අවසර දෙනවද කියන එක ඔබතුමා තිරණය කරන්න."

Search