මරණීය දණ්ඩණය ලැබු ප්‍රේමලාල් දිවුරුම් දෙයි

 මෙරට සිටි දූෂිතම අගවිනිසුරැවරයෙකු වූ සරත් එන්.සිල්වා ලබා දුන් පක්ෂග්‍රාහී තීන්දුවකට 'බලු තීන්දුව' යැයි කීමෙන් අධිකරණයට අපහාස කලා යැයි වසර දෙකක් බරපතල වැඩ සහිතව එස්.බීව සිරගත කරන්නේ 2004 වසරේදීය. ඔහුගේ මන්ත්‍රීධූරයද අහිමි කල අතර වසර හතකට ප්‍රජා අයිතියද අහිමි කලේය. ඔහුට නැවත පාර්ලිමේන්තු ඒමට හැකි වූයේ 2010දීය..
 
සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා ලෙස තරඟ කල අතර ආන්දෝලනාත්මක 'සුදු කොඩි' කතාව ආශ්‍රයෙන් 2011දී බරපතල වැඩ සහිතව වසර තුනකට සිරගත කරන ලදී. ඔහුටද මන්ත්‍රීධූරය හා ප්‍රජා අයිතිය අහිමි වූ අතර නැවත පාර්ලිමේන්තු ආවේ 2015දීය.
 
ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලී) ට තවත් මිනිසෙකු ඝාතනය කිරීමේ වරදට 'මරණීය දණ්ඩණය' ලැබුනු අතර මන්ත්‍රීධූරය අහිමි වීමක් සිදුනොවුනු අතර පාර්ලිමේන්තුවට පැමිණීමේ අයිතියද හිමිවිය.
 
Srinath Dissanayake
 

Search