ලංකාවේ ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ අද (08) ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඉදිරිපත් කළ යෝජනාවක්
ඒකමතිකව සම්මත වී ඇත.
ඒ අනුව ලංකාවේ ගවයන් නොමරා ගව මස් පිටරටින් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අගමැතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ.
එම පුවත වාර්තාවීමත් සමග සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බොහෝ දෙනෙකු පොස්ටු පළකරමින් විමසා ඇත්තේ, ''ඕස්ට්‍රේලියාවෙන් ගව මස් ගෙන්වන රාජපක්ෂ කව්ද ?'' කියාය.
ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර ඇත්තේ අගමැතිවරයාගේ එම තීරණය ඔහු විසින් පසුගියදා කතරගම දේවාලයට ගොස් කරන ලද බාරයක් ඉටුකිරීමක් ලෙසය.
මේ අතර සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මෙසේ සඳහන් කර තිබේ.
''පිටරට හරක් මස් හැදෙන්නේ ගස්වලද? හරක් ගැන විතරක් සංවේදී වෙන්නේ ඥාති කමක් නිසාද?
theleader.lk