පුවත්පත් නිවේදනය
ජනපති බලය කපන්න 17 ට 19 ට ඡන්ද දීලා, රාජාණ්ඩුවක් හදන්න 18 ට 20 පාර්ලිමේන්තුවේ අත උස්සන්නේ දේශපාලන අවස්ථාවාදීන්
- හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්
ජනාධිපති බලය අඩු කරන්න 17 හා 19 ව්‍යවස්ථා සංශෝධනවලට අත උස්සලා, රජෙක් පත් කරන්න 18 ට ඡන්දය දුන්න 23 දෙනෙක් රාජාණ්ඩුවක් හදන්න පාර්ලිමේන්තුවේ 20 වන සංශෝධනයට අත උස්සන්න බලාගෙන ඉන්නවා
ජේ.ආර්.ගේ ඒකාධිපති ව්‍යවස්ථාව මානුෂීයකරණය කරන්න, ගෙනා 17 වන ව්‍යවස්ථා සංශෝධනය එදා පාර්ලිමේන්තුවේ ‘ඒකඡන්දයෙන් සම්මත වුණා. ජනාධිපති ගේ බලය පාර්ලිමේන්තුවේ අගමැතිටත්, කොමිෂන් සභාවටත් දුන්න 19 ට පාර්ලිමේන්තුවේ 225 න් 215 ක් ඡන්දය දුන්නා.
එහෙම ඡන්දය දුන්න 23 දෙනෙක්, රජ කෙනෙක් හදපු 18 වන සංශෝධනයට ත් ඡන්දය දීලා, දැන් රාජාණ්ඩුවක් හදන්න 20 ට ඡන්දය දෙන්න ඇඟිළි ගැන ගැන ඉන්නවා යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නිකලෝ මැකියාවෙල්ලි (Niccolo Machiavelli), Politics have no relation to morals නැතියි කිව්වේ මේ වගේ අවස්ථාවන් ගැනයි.
හෘර්ද සාක්ෂියක් ඇතිව හෝ නැතිව, හුළං හමන අතට හෘර්ද සාක්ෂිය මාරුකරමින් 17, 18, 19 සහ 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හතරටම පක්ෂව ඡන්දය දීම අද ලංකා දේශපාලනයේ අවස්ථාවාදය මිස ප්‍රතිපත්තියක් නැති කම පෙන්වන්නේ යැයි නිවේදනයේ දැක්වේ.
මේ 17, 18, 19 පක්ෂව ඡන්දය දුන් හා 20 ට පක්ෂව ඡන්දය දිය හැකි කණ්ඩායම මෙසේය.
1. මහින්ද සමරසිංහ
2. රංජිත් සියඹලාපිටිය
3. ප්‍රියංකර ජයරත්න
4. එස්.බී.දිසානායක
5. සුසිල් ප්‍රේමජයන්ත
6. ඩලස් අලහප්පෙරුම
7. ජොන්ස්ටන් ප්‍රනාන්දු
8. අනුර ප්‍රියදර්ශන යාපා
9. විමල් වීරවංශ
10. පවිත්‍රා වන්නිආරච්චි
11. ජොන් සෙනෙවිරත්න
12. දිනේෂ් ගුණවර්ධන
13. ගාමිණී ලොකුගේ
14. බන්දුල ගුණවර්ධන
15. ඩිලාන් පෙරේරා
16. ඩග්ලස් දේවානන්ද
17. ඒ.එල්.එම්. අතාවුල්ලා
18. ජී.එල්.පීරිස්
19. මහින්දානන්ද අලුත්ගමගේ
20. තිස්ස විතාරණ
21. නිමල්සිරිපාල ද සිල්වා
22. දුමින්ද දිසානායක
23. ජනක බණ්ඩාර තෙන්නකෝන්
හිටපු කථානායක චමල් රාජපක්ෂ කථානායක ධූරයේ කටයුතු කරමින් සිටි නිසා 19 ට පක්ෂව ඡන්දය දෙන්නට ලැබුණේ නැත.
මහින්ද යාපා අබේවර්ධන, වත්මන් කථානායකවරයා නිසා 20 ට ඡන්දය දීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැත.
හිටපු ජනපති, අගමැති මහින්ද මහතා 19 සම්මත වන විට පාර්ලිමේන්තුවේ සිටියේ නැති අතර, 18 ට ද (ජනාධිපතිවරයා නිසා) ඡන්දය දී නැත. 19 ගෙනඒමට අති මහත් වෙහෙසක් දැරූ, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වූ බැවින් පාර්ලිමේන්තුවේ ඡන්දයක් දෙන්නට අවස්ථාවක් ලැබුණේ නැත.
17, 18 හා 19 ට ඡන්දය දුන් නමුත්, රාජිත සේනාරත්න 20 ට ඡන්දය නොදෙනු ඇත. චම්පික රණවක 17 ට ඡන්දය දුන්නේ නැති අතර 20ට ත් ඡන්දය නොදෙනු ඇත. තිස්ස අත්තනායක, සජිත් ප්‍රේමදාස 18 ඡන්දය නොදුන් අතර 20 ට ද ඡන්දය නොදෙනු ඇත. 19 සංශෝධනයට පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන විට කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවෙන් එළියට ගියේය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ මහීපාල හේරත් තාත්තා සංශෝධන දෙකකට පක්ෂව ඡන්දය දී ඇති අතර, ඔහුගේ පුත් කනක හේරත් ඉතිරි සංශෝධන දෙකට පක්ෂ ය.
වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා 17 ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටි අතර 18,19 ඡන්දය දී 20ට ඡන්දය දීමට උනන්දුවෙන් බලා සිටින්නෙකි.
කෙසේ නමුත්, තිස්ස විතාරණ, වාසුදේව, රාජිත, ඩ්ව් ගුණසේකර මන්ත්‍රීවරුන් විටෙක ප්‍රසිද්ධියේ ද, විටෙක පුද්ගලිකවට 18 ට අත එසවීම ගැන කණගාටුවන බව පසුව ප්‍රකාශ කර ඇත.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පාර්ලිමේන්තුවේ 225 න් 215 ක් ඡන්දය දුන්නේය. 17 වන ව්‍යවස්ථා සංශෝධනය ලංකා පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත වූ එකම ව්‍යවස්ථා සංශෝධනය යි.
20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ‘ජේ.ආර්. ගේ ව්‍යවස්ථාවටත් වඩා බලවත් ව්‍යවස්ථාවක් හදන්නට, ඡන්දය දෙන්නට සුදානම් වන්නේ එදා ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව පට්ටා ගැසූ පරපුරක සාමාජිකයින්, ආනන්දය ලැබූවන් හා දරුවන් ය.
රජිත් කීර්ති තෙන්නකෝන්
දකුණු හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර
2020.09.06