නව ආණ්ඩුව විසින් හඳුන්වා දීමට නියමිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ භෞමික අඛණ්ඩතාවයට හා ස්වෛරිත්වය ට බරපතල තර්ජනයක් මතු කොට ඇති බව එකම දැයක් උදෙසා වෘත්තිකයෝ සංවිධානය ප්‍රකාශ කර යි.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සංජීව විමලගුණරත්න පවසා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමටත් වෙනම රාජ්‍යයක් පිහිටුවීම වැළැක්වීම සඳහා ඇති වගන්ති රටේ මූලික නීතියෙන්ම ඉවත් කළ පසු බෙදුම්වාදීන්ට හා බෙදුම්වාදයට මේ රටේ ඊනියා දේශප්‍රේමීන් විසින්ම ඉඩ සැලසීම ඛේදනීය තත්ත්වයක් බව යි.
එම ප්‍රකාශය පහතින්,
"නව ආණ්ඩුව විසින් හඳුන්වා දීමට නියමිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 18 වන පරිච්ඡේදය 53 වන වගන්තිය මගින් මෙරට තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමටත්, රටේ භෞමික අඛණ්ඩතාවයට හා ස්වෛරිත්වය ට බරපතල තර්ජනයක් මතු කොට ඇත, ඒ අනුව නව සංශෝධනයේ සදහන් කර ඇත්තේ "මෙම පරිච්ඡේදයේ දක්වා ඇති තනතුරුවලට පත්වන පුද්ගලයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛනයේ සඳහන් වන දිවුරුම හෝ ප්‍රතිඥාව දෙනතුරු වැඩ බාර නොගත යුතු බවයි" . නමුත් දහනම වන සංශෝධනයේ සඳහන්ව ඇත්තේ "හතරවන සහ හත් වන උප ලේඛන වල වල සඳහන් දියුරුම් දෙකම හෝ ප්‍රතිඥා දෙකම ලබාදෙන තෙක් තනතුරු වල වැඩ බාර නොගත යුතු බවයි". ඒ අනුව ආණ්ඩුවේ තනතුරු වලට පත් වන පුද්ගලයින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටත් ආරක්ෂක කරන බවටත් , අනියමින් හෝ වක්‍රාකාරයෙන් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට අනුබල දීම හෝ පහසුකම් සැපයීමට කටයුතු නොකරන බවට දිවුරුම හෝ ප්‍රතිඥාව දීම හිතාමතාම ඉවත් කොට ඇත.
රටේ ස්වෛරීභාවය භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරන බවට පවසමින් ශ්‍රී ලංකාවේ බලයට පැමිණි ආණ්ඩුවක් විසින් ඉහත ප්‍රතිඥාව හෝ දිවුරුම අනවශ්‍ය බව පවසන්නේ විසිවන සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියන්ට රටේ ජනාධිපති ධුරය සිට අනෙකුත් තනතුරු සඳහා දොර විවර කරමින්. මෙය පැහැදිලි ලෙසම ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීමේදී ලබාදෙන දිවුරුමේ සඳහන් වගන්ති උල්ලංඝනය නොවන ආකාරයට ඇමරිකානු පුරවැසිභාවය හිමි ද්විත්ව පුරවැසියන්ටත් මේ රට තුළ ක්‍රියා කිරීමට ඉඩ සැලසීමයි. මෙහි භයානක තත්ත්වය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමටත් වෙනම රාජ්‍යයක් පිහිටුවීම වැළැක්වීම සඳහා ඇති වගන්ති රටේ මූලික නීතියෙන්ම ඉවත් කළ පසු බෙදුම්වාදීන්ට හා බෙදුම්වාදයට මේ රටේ ඊනියා දේශප්‍රේමීන් විසින්ම ඉඩ සැලසීම ඛේදනීය තත්ත්වයක්. මේ පිළිබඳව දේශහිතෛශී පුරවැසියන් හා එකම දැයක් වෙනුවෙන් හඬ නගන අප වෘත්තිකයන් මෙන්ම, සියලු පුරවැසි සංවිධාන පෙරට විත් විරෝධය පා, රට ඉදිරියේ ඇති භයානක අනතුර පරාජය කළ යුතුය."