වෙඩිතලතිවු ස්වභාවික රක්ශිතය (Veditalativu Nature Reserve) නැවතත් අවදානමේ?

 

 

 

අතීතයේදී මුහුදු කොටින් සතුව තිබූ ප්‍රධානම කඳවුර ලෙස අසන්නට ලැබුනු සහ යුධ සමයේදී රනවිරුවන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් අත්පත් කරගෙන, පසු කලකදී ස්වභාවික රක්ශිතයන් ලෙස මතු පරපුර වෙනුවෙන් රැකදීමට ආරක්ශිත ප්‍රදේශයක් වශයෙන් නම්කර​ කටයුතු යොදා තිබෙන වෙඩිතලතිව් ස්වභාවික රක්ශිතයෙන් කොටසක් විදේශීය සහ දේශීය ව්‍යාපාරිකයෙන් සුලු පිරිසකට ඉස්සන් ඇතුලු ජල ජීවී වගාවන් සඳහා ලබාදීමේ යෝජනාව ඉදිරිපත් වන්නේ 2017 වසරේදීය​.


එය​,නිසි නීතිමය ක්‍රියා පටිපාටියට අනුව කරනලද විශ්ලේශනයකින් අනතුරුව වනජීවී සංරශන දෙපාර්තමේන්තුව මෙම වසරේ මුලදී තීරනය කලේ එම ප්‍රදේශ ස්වභාවික රක්ශිතයෙන් ඉවත්කිරීම නුසුදුසු බවයි.ඒ අනුව යමින් සහ උතුරු පලාතේ ජලජීවී කටයුතු සඳහා තිබෙන වෙනත් භූමි මේ සඳහා තෝරාගනු ඇතැයි සිතුවත්,ලබන සතියේදී ධීවර රාජ්‍ය අමාත්‍යතුමා සහ අදාල ආයතනවල නිලධාරීන් වෙඩිතලතිවු වෙත ගොස් කරුනු සොයා බැලීමට නියමිත බව සැලවී තිබේ.මේ නිසා යලිත් වතාවක් මේ අනතුර කරලියට පැමින තිබෙන බවක් පෙනෙන්නට තිබේ.


වෙඩිතලතිවු ස්වභාවික රක්ශිතය ප්‍රකාශයට පත් කරනු ලබන්නේ වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 2(1) වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් කල නියෝගයක් 2016.03.01 දිනැති අංක 1953/13 දරන අතිවිශේශ ගැසට් පත්‍රයේ පලවීමත් සම්ඟිනි.මේ නියෝගයට පදනම වූයේ 2009-2012 දක්වා විශේශඥ මන්ඩලයක් විසින් සිදුකල සර්ව පාරිසරික තක්සේරුවේ (Strategic Environmental Assessment)(SEA) නිර්දේශයක් අනුවය​.එම වාර්තාවම ජලජීවී කටයුතු සඳහාත් සුදුසු භූමි ගෙනහැර දක්වා තිබේ.


නමුත්,2017 වසරේදී ධීවර සහ පරිසර විශය භාර අමාත්‍යවරුන් දෙදෙනා විසින් ඉදිරිපත් කල ඒකාබද්ධ අමාත්‍ය මන්ඩල සංදේශයක් අනුව මෙම ස්වභාවික රක්ශිතයෙන් කොටසක් ආරක්ශිත තත්වයෙන් ඉවත්කර ජලජීවී කටයුතු සඳහා ලබාදීමේ හැකියාව සොයාබලන ලෙස කල අමාත්‍යමන්ඩල තීරනය අනුව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA)විසින් පරිසර අධ්‍යයනය (Environmental Study)(ES) ජාතික ජලජ සම්පත් නියෝජිත ආයතනය(NARA) හරහා සිදුකල අතර එය වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 2(4) වගන්තිය යටතේ සහ 2(5) වගන්තිය යටතේ පැවරී තිබෙන බලතල සහ නියමිත ක්‍රියා පටිපාටිය යටතේ විමසා බැලීම වනජීවී සංරක්ශන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලදී.විවිධ විශය ක්ශේත්‍ර නියෝජනය කරන විශේශඥ කන්ඩායමකගේ උපදෙස් පවා ලබා ගනිමින් වනජීවී සංරක්ශන දෙපාර්තමේන්තුව මගින් සිදුකරනලද මේ විමසා බැලීම අවසානයේදී ඔවුන් තීරනය කලේ මේ ඉල්ලා සිටින ප්‍රදේශය වෙඩිතලතිවු ස්වභාවික රක්ශිතයෙන් ඉවත්කිරීම නුසුදුසු බවයි.


එසේම වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 2(5) වගන්තිය අනුව මෙසේ ඉවත් කිරීමක් නුසුදුසු බවට කරන තීරනයක් මගින් පනතේ 2(4) සහ 2(5) වගන්ති අනුව ප්‍රදේශයක් ඉවත්කිරීමේ නීතිමය ක්‍රියා පටිපාටිය සමාප්ත වේ.ඊට එරෙහිව අභියාචන කිරීමේ හැකියාවක් පනතේ කිසිම තැනක නොමැත​.එසේම අමාත්‍යවරයාට ප්‍රදේශයක් ඉවත්කිරීම සඳහා සංශෝධිත මායිම් සහිත නියෝගයක් ප්‍රකාශයට පත්කල හැකි වන්නේත් මේ අධ්‍යයනය අනුව එලඹෙන තීරනයට අනුකූලව පමනක් වීම විශේශිතය​.


මේ නිසා මේවනවිට වෙඩිතලතිවු ස්වභාවික රක්ශිතයෙන් මේ ඉල්ලා තිබෙන කොටස් කිසිඳු නීත්‍යානුකූල ආකාරයකට ඉවත්කල නොහැකි බව ඉතාමත් පැහැදිලිය​.
එසේනම්,තවත් වරක් ධීවර විශය භාර රාජ්‍ය අමාත්‍යතුමා මේ ස්ථානය පරීක්ශා කරන්නේ කුමක් සඳහාද​,එසේම යම් ආකාරයකින් නීතියට පටහැනි යම් ක්‍රියාවක් මගින් මේ ප්‍රදේශය ස්වභාවික රක්ශිතයෙන් ඉවත් කරගැනීමේ තැතක් පවතීද යන සැකයන් මේ වනවිට ඇතිවී තිබේ.

 

පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන

 

Search