දෙමළ ජාතික සන්ධානය සිය නිල ට්විට්ර් ගිණුමේ සටහනක් තබමින් හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරිම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ.
දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එම සටහන තබමින් එම්.ඒ.සුමන්තිරන් මහතා පවසා ඇත්තේ දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකුට යුද හමුදාපති ධුරය ලබාදීම දෙමළ ජනතාවට සිදුකළ නිග්‍රහයක් බවයි. ඔහු පවසන්නේ ශවේන්ද්‍ර සිල්වා මහතාට එරේහිව ජාත්‍යන්තර වාර්තා කිහිපයකම චොදනා එල්ල වී ඇති බවයි.
එමෙන්ම ශවේන්ද්‍ර සිල්වා මහතාය යුද හමුදාපති ලෙස පත් කිරීම දෙමල ජනතාවට පයින් ගැසීමක් ලෙස සලකන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කනස්සල්ල
එක්සත් ජාතින්ගේ හා වෙනත් මානව හිමිකම් සංවිධාන වල චෝදනාවට ලක්ව ඇති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත් කිරිම ගැන ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සිය කනස්සල්ල පළ කර ඇත.
සංහිඳියාව හා සමාජ සමගිය දැඩිව ඇති අවස්ථාවක කරන ලද එම පත් කිරිම මඟින් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමය හා යුක්තිය, වගකීම ප්‍රවර්ධනය සඳහා වු කැපවීම හෑල්ලුවට ලක් වන බවයි ශ්‍රී ලංකාවේ පිහිට එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.
යුද අපරාධ ගැන කුප්‍රකට පුද්ගලයෙකු යුද හමුදාපති ධුරයට පත් කිරිම මඟින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා යුද හමුදාවට සහ රට හානියට පත් කර ඇතැයි ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සිය නිවේදනයෙන් චෝදනා කර තිබේ.
“මෙම පත් කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමට කැමැත්ත පළ කිරීමක්.” යැයි ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සුකා කියා සිටී.