උතුරු සයිබීරීයාවේ ෆයින් ගස්වල දැවටී ස්ටෙප් තණ බිම් හරහා හමන සුළගේ අයිතිය රුසියානුවන්ට පමනද?
අන්දීස් කදු වැටියෙන් ඇරබ ඇමසන් වනය මැදින් ගලන ඇමසන් නදියේ ජලයේ අයිතිය බ්‍රසීලියානුවන් ට පමනද?
අප්‍රිකානු මහද්වීපය පුරා දිවයන රුදුරු වන සතුන් ගේ සුන්දරත්වය විදගැනීමේ අයිතිය අප්‍රිකානු වන්ට පමනද?
ස්විට්සර්ලන්තයේ කදු මුදුන් මත හා තෘණ භූමි මත සුන්දර ජීවිතයක් ගතකීරීමේ අයිතිය යුරෝපානුවන්ට පමනද ?
මා ශ්‍රී ලාංකිකයෙකි, ඉන්දියන් සාගරයේ පිහිනා යන මහා තල්මසුන් හා ඩොල්ෆින් මසුන් ගේත් තවද පාරාදීසයක් වන් දිවයිනේ ත් අයිතිය මා හට පමනද?
මා උපන්නේ නිරුවතිනි, ඔබ ද එසේය. උපදින කොට හිස් අතින් පැමිනි අප මේ මිහිතලයට අයිති වාසිකම් කියන්නේ කෙසේ ද ?
මේ දේශසීමා මායිම් බෙදාගැනීම් අප විසින් නිර්මාණය කරගත් දේ නොවේද ?
දේශ සීමා වලින් නොබෙදුන, ජාතීන් ආගම්, සීමා මායිම් වෙනුවෙන් යුද වැදී එකිනෙකා මරා නොගන්නා මිහිතලයම එකම පවුලක් මෙන් එක යායක් මෙන් ජීවත් වන ලෝකය දැකීමට මට හිනයක් තිබෙනවා
තරුණයන් වශයෙන් අද අපි මෙතනට එකතුවෙලා ඉන්නව
බලන්න ඔබ අසල සිටිනා මිතුරා දෙස
ඔහු කළුයි ඔහු සුදුයි
ඔවුන් විවිධ ජාතීන් ට අයත්
විවිධ ආගම් අදහනව වෙන්ට පුලුවන්
අපි වෙනස් නමුත් අද අපි එකට ඉන්නේ
අපි ජාත්‍යන්තර මිත්රත්වයයක් ගොඩ නගා ගත යුතුය
තරුණ අපට සටනක් තියෙනවා , ඔව් ඒ මට තිබෙන සිහිනයයි..........
- උවිදු විජේවීර-