'දරුණු ඇමරිකානුවා' - මංගල ගෙන් ගෝඨාට ප්‍රහාරයක්

රාජපක්ෂ යුගයේ තිබු සුදු වෑන් භීෂණයේ සංකේතය වන 'දරුණු ඇමරිකානුවා' ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය සඳහා සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කළ බව

පවසන මුදල් අමාත්‍ය මංගල සමරවීර, අතීතයේ හුදෙකලාව හා අන්ධකාරය කරා ආපසු යාමට ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍යදැයි විමසා සිටියි.

ගෝඨාභය රාජපක්ෂ අද දිනයේ දී 'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා විසින් නිකුත්කළ ට්විටර් පණිවිඩයක එබව සඳහන් වේ. එම පණිවිඩයේ මෙසේ දැක්වේ.

''ම්ලේච්ඡයන් දැන් දොරටුව අභියසට විත් ඇත. රාජපක්ෂ යුගයේ තිබු සුදු වෑන් භීෂණයේ සංකේතය වන 'දරුණු ඇමරිකානුවා' අද ජනාධිපති ධුරය සඳහා සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කළේය. අතීතයේ හුදෙකලාව හා අන්ධකාරය කරා ආපසු යාමට ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍යද?

Mangala Twite

Search