'ගෝඨා එය ඔබටත් එසේ විය යුතුයි'

'ගෝඨා එය ඔබටත් එසේ විය යුතුයි'

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම පාර්ශවයෙන් මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් විසින් නම් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සම්මේලනය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

අපේක්ෂකයා ලෙස ඔහු නම් කිරීමට පෙර රටේ ජනතාව විසින් ඔහු තෝරාගෙන සිටි බව ද මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේ ය.

තම සහෝදරයා අද පටන් රටේ සහෝදරත්වයට භාර දෙන බවද  "මට පලමුවත් රට දෙවනුවත් රට තෙවනුවත් රට ගෝඨා එය ඔබටත් එසේ විය යුතුයි" යන්නයි 

 මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේය.

Search