පිලිපීනයේ උප ජනාධිපතිනි සාරා ඩුටෙර්ටි ජනපති සටනට

පිලිපීනයේ උප ජනාධිපතිනි සාරා ඩුටෙර්ටි ජනපති සටනට

පිලිපීනයේ උප ජනාධිපතිනි සාරා ඩුටෙර්ටි 2028 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ.

වර්තමාන පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් බොන්ග්බොන්ග් මාකෝස් සමඟ උප ජනාධිපතිනිය දැඩි බල අරගලයක සිටින අතරතුර මෙම නිවේදනය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජනාධිපතිවරණය සඳහා තවත් වසර 02ක් ඉතිරිව තිබියදී සාරා ඩුටෙර්ටි ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටින බව ප්‍රකාශ කිරීම ද විශේෂත්වයකි.

වත්මන් පිලිපීන ජනාධිපති මාකෝස් නැවත ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට නුසුදුසු බව ඇතැමුන් ප්‍රකාශ ඇති බව වාර්තා වේ.

උප ජනාධිපතිනි සාරා ඩුටෙර්ටි ද ජනාධිපතිවරණය සඳහා අභියෝග කිරීමට මෙතෙක් කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත්ව නොමැති බව සඳහන්ය.

Search