එක්සත් ජනපදය සහ ඉරානය අතර තවත් සාකච්ඡා වටයක් අද (17) ජිනීවා හි දී පැවැත්වේ.
වක්‍රාකාරයෙන් ඊට සම්බන්ධ වන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (16) පැවසීය. ටෙහෙරානය යම් යහපත් ගනුදෙනුවකට එකඟ වනු ඇතැයි අනුමාන කරන බව ද ඔහු පැවසීය.
සාකච්ඡා මධ්‍යයේ, මැද පෙරදිග එක්සත් ජනපද හමුදා ශක්තිය තව දුරටත් තර කෙරෙමින් පවතී. කුමන හෝ මොහොතෙක ඉරානයට පහර දීමට අණ ලැබෙන තෙක් එම හමුදා සීරුවෙන් පසුවෙති. සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට ප්‍රහාර එල්ල කරන බව ජනපති ට්‍රම්ප් විසින් තර්ජනය කර තිබේ.
පසුගිය ජුනි මස එක්සත් ජනපදය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රථම ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ දෙරට අතර සාකච්ඡා අසාර්ථක විය. න්‍යෂ්ටික අවියක් තැනීමේ ඉරාන යුරේනියම් පෝෂණ ව්‍යාපෘතිය අත්හරින්න ලෙස වොෂින්ටනය බල කර සිටියේය.
ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි ඊයේ එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ප්‍රධානියා හමු විය.
ඉරානය සතු යැයි පැවසෙන කි.ග්රෑ.440ක න්‍යෂ්ටික සංචිතයට සිදු වූයේ කුමක්දැයි ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරිය මාස ගණනක සිට එරටින් විමසමින් සිටී. එම නිරීක්ෂණ කටයුතු යළි ඇරඹීමට ඉඩ ප්රස්ථා සලසන ලෙස එය දිගින් දිගටම බල කර සිටී.

තම රටට එරෙහි කිනම් ප්‍රහාරයකදී හෝ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට ඉරානය තර්ජනය කරයි. එමගින් ලොව තෙල් ප්‍රවාහනයෙන් පහෙන් එකක් මුළුමනින්ම අඩාල වන අතර තෙල් මිල අතිශය තීව්ර ලෙස ඉහළ යනු ඇත. හෝර්මුස් සමුද්‍ර සන්ධිය යනු ගල්ෆ් අරාබි රාජ්‍යයන්හි සිට බොර තෙල් අපනයනය කෙරෙන ප්‍රධාන සමුද්‍ර මාවතකි. ඉරානය ඊයේ එහි යුධ අභ්‍යාසයක් ද පැවැත්වීය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/17/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
මුලාශ්‍රය :
Trump says he will be involved indirectly in Iran talks