රජෙක් එපා – ඇමෙරිකාව පුරා ට්‍රම්ප් විරෝධී පෙළපාලි

රජෙක් එපා – ඇමෙරිකාව පුරා ට්‍රම්ප් විරෝධී පෙළපාලි

රජෙකු එපා යනුවෙන් ඇමෙරිකාව පුරාම පැවති ට්‍රම්ප් විරෝධී පෙළපාලි සඳහා විශාල ජනකායක් සහභාගිවී තිබේ.


නිව්යෝර්ක්, වොෂින්ටන් ඩීසි, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකා ප්‍රාන්ත රැසක මෙම විරෝධතා පවත්වා ඇති අතර ඒ සඳහා දහස් ගණන් අමෙරිකානු ජනතාව එක්ව ඇති බවත් එම මාධ්‍ය වාර්තා කර ඇත. ට්‍රම්ප් පරිපාලනය ෆැසිස්ට්වාදය සහ ඒකාධිපති රාජ්‍යක් කරා එක්සත් ජනපදය රැගෙන යමින් ඇති බවත් කොංග්‍රසය අනුමත කර ඇති අරමුදල් අවහිර කිරීම සහ ෆෙඩරල් රජයේ කොටස් විසුරුවා හැරීම, සංක්‍රමණිකයින් මර්දනය, පුළුල් තීරුබදු ක්‍රියාත්මක කිරීම, අමෙරිකානු නගරවලට ජාතික ආරක්ෂක භටයින් යෙදවීම අමෙරිකානුවන්ගේ සෞඛ්‍ය සේවා කප්පාදුව ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමින් විරෝධතාකරුවන් මෙහිදී විරෝධය දක්වා ඇත. මේ අතර වාර්තා වනුයේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම වැඩපිළිවෙළ හේතුවෙන් ජනතාව අතර ඩොනල්ට් ට්‍රම්ප් අප්‍රසාදයට ලක් වෙමින් පවතින බවය. මේ අතර ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ තමන් රජෙකු නොවන බවයි

Search