ලන්ඩන් නුවර විරෝධතාවකදී 500ක් අත්අඩංගුවට

ලන්ඩන් නුවර විරෝධතාවකදී 500ක් අත්අඩංගුවට

පලස්තීනයට සහය පළකරමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවති විරෝධතාවයකදී පුද්ගලයින් 500 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ලන්ඩන් බලධාරීන් පවසන්නේ එම පුද්ගලයින් තහනම් සංවිධානයකට සහයෝගය පලකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බවයි.

අදාල පලස්තීන හිතවාදී විරෝධතාවයේ සංවිධායකයින් වන “පලස්තීන් ඇක්ෂන්” නමැති සංවිධානය බ්‍රිතාන්‍යයේ තහනමට ලක්වූ සංවිධානයක් බව විදෙස් වාර්තාවල සදහන් වනවා.

මේ අතර ඊයේ ස්පාඤඤයේ බාසිලෝනා නුවරදීද, පලස්තීන හිතවාදී විරෝධතාවක් පැවැත්වුණා.

පුද්ගලයින් 70,000ක් පමණ රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහිදී විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම් වලදී පොලිස් නිලධාරීන් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා

Search