ලයිබීරියාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝර්ජ් වෙයා තේරී පත්ව ඇත. ජෝර්ජ් වෙයා එරට හිටපු පාපන්දු ක්‍රීඩකයකුද වේ.
පසුගියදා පැවති ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී ඔහුට 61.5%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී තිබූ බව ලයිබීරියාවේ මැතිවරණ කොමිසම සඳහන් කර ඇත. ජෝර්ජ් වෙයාගේ ප්‍රතිවාදියා වූ ජෝසප් බෝකායිට ලබා ගැනිමට හැකිව ඇත්තේ38.5%ක ප්‍රතිශතයක් පමණි.
වෙයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් සමඟ ඔහුගේ ආධාරකරුවන් මොන්රෝවියා අගනුවර ප්‍රීතී උත්සව පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
වෙයා 2002 වසරේදී පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීමත් සමඟ දේශපාලනයට පිවිසුණි. 51 හැවිරිදි වෙයා, ෆිෆා වසරේ පාපන්දු ක්‍රීඩකයා සහ බැලන්ඩෝ සම්මාන ද්විත්වයම දිනා ගැනීමට සමත් වූ එකම අප්‍රිකානු ක්‍රීඩකයා ලෙස සැළකේ.