ඉන්දීය ජාතික කොන්ග්‍රසය සිය පක්ෂයේ සභාපතිවරයා ලෙසින් රාහුල් ගාන්ධි තෝරා ගත් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය නිවේදනය කර ඇත.
නව දිල්ලියේදී මාධ්‍ය හමුවක් අමතමින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන මුලාප්පලි රාමචන්ද්‍රන් නව පක්ෂ සභාපති ධුරය ප්‍රකාශයට පත්කර ඇත.
‘ශ්‍රී රාහුල් ගාන්ධි ඉන්දියාවේ ජාතික කොන්ග්‍රස් පක්ෂයේ සභාපතිවරයා ලෙස තේරීපත් වු බව මම ප්‍රකාශ කරමි’ යැයි ඔහු පැවසීය.
නාම යෝජනා 89 ක් ඉදිරිපත් වූ නමුත් රාහුල් ගාන්ධි මහතා එම තනතුරට පත්වු එකම අපේක්ෂකයා බවත් සමස්ත ඉන්දියානු කොන්ග්‍රස් කමිටුවේ නිලධරියකු ලෙස ද කටයුතු කරන රාමචන්ද්‍රන් වැඩිදුරටත් පැවසීය.
මේ වන විට 47 වැනි වියේ පසුවන රාහුල් ගාන්ධි මේ මස 16 වැනිදා සිය මව වන සෝනියා ගාන්ධිගෙන් නව තනතුර බාරගනු ඇත. සෝනියා ගාන්ධි මහත්මිය වසර 19 ක් මෙම තනතුරේ කටයුතු කළාය.