සෙලෙන්ස්කි – ට්‍රම්ප් හමුව සඳුදා

සෙලෙන්ස්කි – ට්‍රම්ප් හමුව සඳුදා

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම සඳහා යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි එළැඹෙන සඳුදා අමෙරිකාවට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. රුසියාව සහ යුක්‍රේනය අතර සටන් විරාමයක් ඇතිකරගැනීම වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාවෙන් අනතුරුව මෙලෙස සෙලෙන්ස්කි අමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිතය.

 

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග පැවති හමුවෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්‍රේන සහ යුරෝපා රටවල නායකයින් සමග දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබේ. රුසියානු ජනාධිපතිවරයා සමග පැවති හමුව සඳහා ඇලස්කාවට ගිය ට්‍රම්ප් ජනාධිපතිවරයා වොෂින්ටන් වෙත පැමිණෙන අතරතුර යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමග දුරකතනය ඔස්සේ දීර්ඝ සාකච්ඡාවක නිරත වී ඇති බව ධවල මන්දිරය නිවේදනය කර ඇත.

Search