පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ඇති වූ අධික මෝසම් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර ඇත්තේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති පිරිස 307 දක්වා ඉහළ ගොස් ඇති බවය.
වයඹදිග පාකිස්තානයේ කඳුකර කයිබර් පක්තුන්ක්වා පළාතේ ආපදා බලධාරීන් විසින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ පිරිස ගලවා ගැනීමේ මෙහෙයුමක් අතරතුර ඒ සඳහා යොදාගත් හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 05 දෙනෙකුද ජීවිතක්ෂයට පත්වයි