2025 ජූලි 10 වන බ්‍රහස්පතින්දා උදෑසන ඉන්දියාවේ දිල්ලි ජාතික අගනුවර කලාපය (Delhi-NCR) සහ ඒ අවට ප්‍රදේශ ප්‍රබල භූ කම්පනයකින් සලිත විය. හදිසි කම්පනයත් සමග සිය නිවෙස්වලින් සහ ගොඩනැගිලිවලින් පිටතට දිව ආ ජනතාව ආරක්ෂිත විවෘත ස්ථාන කරා රැස් වූහ. මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.
ඉන්දීය ජාතික භූකම්පන විද්‍යා මධ්‍යස්ථානයට අනුව, මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලතාවයකින් සටහන් වී තිබේ. එහි අපිකේන්ද්‍රය ලෙස හර්යානා ප්‍රාන්තයේ ජජ්ජාර් (Jhajjar) ප්‍රදේශය හඳුනාගෙන ඇති අතර,
කම්පනය ඉන්දීය සම්මත වේලාවෙන් උදෑසන 9:04 ට පමණ සිදුව ඇත. මීට අමතරව හර්යානා ප්‍රාන්තයේම ජින්ද්, බහදුර්ගාර් සහ සෝනිපත් යන නගරවලටද මෙම කම්පන තත්ත්වය තදින්ම දැනී තිබේ.
භූ කම්පනයේ බලපෑමෙන් නිවාස සහ ගොඩනැගිලි සෙලවීමට පටන් ගැනීමත් සමග ජනතාව වහාම සිය නිවෙස්වලින් ඉවත්ව විවෘත ස්ථානවලට පැමිණ මද වේලාවක් එහි රැඳී සිටියහ. විශේෂයෙන්ම දිල්ලියේ සහ නොයිඩා ප්‍රදේශයේ උස් මහල් ගොඩනැගිලිවල ජීවත් වූ වැසියන් අතර මෙම සිදුවීමත් සමග දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ.
මීට පෙර මෙම වසරේම පෙබරවාරි මස 17 වන දිනද දිල්ලි සහ ඒ අවට ප්‍රදේශවල මධ්‍යම ප්‍රමාණයේ භූ කම්පනයක් වාර්තා විය. එදින උදෑසන 5:37 ට පමණ සිදුවූ එම කම්පනයෙන්ද ගොඩනැගිලි සලිත වූ අතර, ජනතාව සිය නිවෙස්වලින් පිටතට පැමිණියහ.
එම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 4.0 ක් ලෙස සටහන් වූ අතර, එහි අපිකේන්ද්‍රය නව දිල්ලිය ආශ්‍රිතව පොළොව මතුපිට සිට කිලෝමීටර් පහක් වැනි නොගැඹුරු ස්ථානයක පිහිටා තිබුණි. අපිකේන්ද්‍රය දිල්ලියට ආසන්නව පිහිටීමත්, එහි ගැඹුර අඩු වීමත් හේතුවෙන් එම කම්පනය දිල්ලි අගනුවර කලාපයට වඩාත් තදින් දැනී තිබි