සති අන්තයේ ගතවූ පැය 24ක් ඇතුළත නව කොවිඩ් ආසාදිතයන් 363 දෙනකු හඳුනා ගැනීමත් සමඟ ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යාවත්කාලීන කළ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3,758 දක්වා ඉහළ ගිය බවත්, කොවිඩ් ආශ්‍රිත මරණ 4ක් වාර්තා වූ බවත් ඉන්ඩියා ටුඩේ පුවත් සේවය වාර්තා කළේය. බටහිර බෙංගාලයෙන් මරණ දෙකක් වාර්තා වී ඇතැයි ද, කේරළ සහ කර්නාටක ප්‍රාන්තවලින් එක් මරණය බැගින් වාර්තා වී ඇතැයි ද ඉන්ඩියා ටුඩේ පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළේය.
නව කොවිඩ් ආසාදිතයන් අතර එල්.එෆ්. 7, එක්ස්.එෆ්.ජී., ජේ.එන්.1 සහ එන්.බී.1.8.1ක ඔමික්‍රොන් උපප්‍රභේද හඳුනාගෙන ඇතැයි ඉන්දියාවේ වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය රජීව් බේහ්ල් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.
නව කොවිඩ් ආසාදනයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති කේරළ ප්‍රාන්තයේ ආසාදිතයන් 1,400ක් සිටින බවත්, මීට අමතරව මහාරාස්ට්‍ර ප්‍රාන්තයෙන් ආසාදිතයන් 485ක්, ගුජරාට් ප්‍රාන්තයෙන් 238ක්, තමිල්නාඩු ප්‍රාන්තයෙන් 199ක්, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් 147ක් සහ රාජස්ථාන් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයන් 62ක් හඳුනාගෙන ඇතැයිද වාර්තා වේ.