ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා අමෙරිකාව විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට අනුව ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සූදානම් බව හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලයේ සිරගත කර සිටින පලස්තීන යුද සිරකරුවන් හුවමාරු කරගැනීම සඳහා දැනට ජීවත්ව සිටින ප්‍රාණ ඇපකරුවන් 10 දෙනකු සහ තවත් ප්‍රාණ ඇපකරුවන් 18 දෙනකුගේ මළ සිරුරු නිදහස් කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇති හමාස් සංවිධානය එම සටන් විරාම යෝජනාවේ සංශෝධන කිහිපයක් සිදු කරන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ගාසා තීරයට ස්ථීර සටන් විරාමයක් අවශ්‍ය බවත්, ඊශ්‍රායල හමුදාව ගාසා තීරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්විය යුතු බවත් හමාස් සංවිධානය ඉල්ලීමක් කර ඇති අතර, මානුෂීය ආධාර අඛණ්ඩව සපයන බවට සහතික විය යුතු බව ද ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එම කොන්දේසි ත්‍රිත්වයම අමෙරිකාව විසින් ඉදිරිපත් කරනු ලැබූ සටන් විරාම යෝජනාවට ඇතුළත් වී නැතැයි ද වාර්තා වේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදපෙරදිග විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් වෙත සිය ඉල්ලීම් ඉදිරිපත්