ප්‍රවීණ මාධ්‍යවේදිනි ගෞරි වෙඩි තබා ඝාතනය කරයි

හින්දු ජාතිකවාදීන්ගේ දේශපාලනය විවේචනයට ලක් කළ ඉන්දීය මාධ්‍යවේදිනියක් කර්ණාටක ප්‍රාන්තයේ දී වෙඩි තබා ඝාතනය කර තිබේ.


ගෞරි ලංකේෂ් නම් 55 හැවිරිදි ඇය බැන්ගලෝර් හි පිහිටි සිය නිවසේ දොර ඉදිරිපිට ලේ විලක් මැද මියගොස්  සිටි බව  පොලිසිය පවසා ඇත.
යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවකු  ඇගේ හිසටත් පපුවටත් අවම වශයෙන් වෙඩි ප්‍රහාර 7 ක් එල්ල කර තිබේ. 5 අඟහරුවාදා ප්‍රහාරය එල්ල වී ඇත.
ඉන්දීය වාර්තාකරුවන් වැඩි වශයෙන් ආන්තික හින්දු ජාතිකවාදීන්ගේ ඉලක්කය බවට පත් වී ඇතැයි ක්‍රියාකාරීහු පවසති.

සිය මෝටර් රථයෙන් නිවසට පැමිණි ගෞරි, ගේට්ටුව විවෘත කිරීමට යාමේදී වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති බවත් ඇය එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
ඝාතනයට අදාළව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ජිවිතක්ෂයට පත්වුණු ගෞරි සිය අදහස් සෘජුව ප්‍රකාශ කරන ශුර මාධ්‍යවේදිනියක් ලෙස හැඳින්විණි.
භාරතීය නිදහස් පක්ෂ සාමාජිකයන් ඇතුළු දක්ෂිණාංශික සහ හින්දු ජාතිකවාදීන් ඇගේ අනාගමික විවේචන වලට නිරතුරුවම බඳුන් විය.

ඇය ගෞරි ලංකේෂ් පත්‍රිකා නමින් ද ප්‍රකාශනයක් ආරම්භ කළාය.
මෙම මාධ්‍යවේදිනිය BJP නායකයන් පිලිබඳ පල කළ වාර්තාවක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව ගොනු කළ පුද්ගල අපහාස නඩුවක දී වරදකරු බවට පත්වුයේ පසුගිය වසරේදීය.
සය මසකට දඬුවම් නියම වීමෙන් අනතුරුව ඇප මත මුදා හරින ලද ඇය ඝාතනය වන අවස්ථාවේද සිටියේ ඇප ලබා ය. 
"

Search