30 වසරක කුරිරු ත්‍රස්තවාදී යුද සාපයෙන් රට මුදවා ගත් අප රටේ ගෞරවනීය රණවිරුවන් වෙනුවෙන් අද දින සිය උපහාරය පුදකර සිටින බවත් දැයේ ආරක්ෂාව ඒකීයභාවය සෛරීත්වය භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් සිය ජිවිත පූජා කර ඇස්හිස්මස් ලේ දන් දී රට දැය වෙනුවෙන් ඉටු කළ කාර්ය අගය කරන බවත් ඒ වෙනුවෙන් සිය ගෞරවය පුදකර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී පැවැති රණවිරු සැමරුම හා එක්වෙමිනි. මේ අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක් වූ අතර එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බත්තරමුල්ල රණවිරු ස්මාරකය සඳහා පුෂ්පෝහාර දැක්වීම කළේය.*
යුද්ධයේත් ත්‍රස්තවාදයේත් වින්දිතයන් බවට පත් වූ සියලු දෙනාට තිරසර විසඳුමක් ලබා දිය යුතු බවත් තවත් මෙවැනි යුද්ධයක් ඇති නොවන්න ත්‍රස්තවාදයක් ඇති නොවන්න රට තුළ ප්‍රතිසංධාන හා සංහිඳියා ක්‍රියාවලිය සිදුවිය යුතු බවත් ඒකීයභාවය භෞමික අඛණ්ඩතාව සහ සෛරීත්වය සුරක්ෂිත කරමින් ආරක්ෂා කරමින් රට සෞභාග්‍ය කරා ගෙන යාම අප සියලු දෙනාගේම වගකීම බවත් ඒ වෙනුවෙන් රණවිරුවන් ඉටු කළ ඒ සුවිශේෂ මෙහෙවරට සෑම දිනකම ගෞරවය පුදකර සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
https://youtu.be/yP_Aa0UIX6A?si=9g6Jpix_QKTMpc0J