ඒකාබද්ධ විපක්ෂය යළි රැස්වෙයි ! එන ඡන්දයට එක පෙරමුණක් ?

ඒකාබද්ධ විපක්ෂය යළි රැස්වෙයි ! එන ඡන්දයට එක පෙරමුණක් ?

වත්මන් රජය සිදුකරන දූෂණයන් සම්බන්ධයෙන් රටේ මහජනතාව දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන රට පුරා සම්මන්ත්‍රණ මාලාවේ ඉදිරි කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (16) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ කොළඹ, මල්පාරේ පිහිටි කාර්යාලයේදී පැවැත්විණි.

පැය කිහිපයක් පුරා පැවැත්වුණු මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී මූලික වශයෙන් සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ තෙවන සම්මන්ත්‍රණයයි. ඒ අනුව, එළඹෙන 24 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ජාඇල ප්‍රදේශයේදී මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න කියා සිටියේ, විපක්ෂයේ සියලු බලවේග ඉදිරියේදී එකම වේදිකාවකට පැමිණෙන බවයි.

“ඒකාබද්ධ විපක්ෂය විසින් 24 වනදා ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ සම්මන්ත්‍රණ මාලාවේ 3 වෙනි එක පවත්වනවා. ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පක්ෂ එක්ව අද සාකච්ඡාවක් තිබ්බා. විපක්ෂය හැමතැනම විසිරිලා ඉන්නවා, ඒක ගැටලුවක් නෑ. අවශ්‍ය වෙලාවට හැමෝම එකතු වෙයි. තාම විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂ කරන්නේ තම තමන්ගේ පක්ෂ සංවිධාන මට්ටමින් ශක්තිමත් කිරීමයි. හැබැයි මැතිවරණයක් ප්‍රකාශයට පත් කරපු සැනින්, රටේ අවශ්‍යතාවය වෙනුවෙන් වගකිවයුතු පක්ෂ විදිහට ඒ යුතුකම ඉටු කරන්න අපි හැමෝම එක වේදිකාවකට එකතු වෙනවා

Search