විට්ස් කාර් එකක් ලක්ෂ 12කට ලබා දෙන බවට වත්මන් රජයේ මැති ඇමතිවරු පසුගිය මැතිවරණ සමයේ පොරොන්දු වුවත් අද වන විට වාහන මත අමතර 50%ක බද්දක් පැනවීමට රජය කටයුතු කර ඇති බවත් මේ බදු පැනවීම නිසා වාහනවල මිල ඉහළ නොයන බවට මුදල් නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටින බවත් දැන්වත් මේ විහිළු සහගත කතා රටට ඉදිරිපත් නොකර ජනතාවගේ පැත්තෙන් ආර්ථිකය විධිමත් ලෙස කළමනාකරණය කරන්නට කටයුතු කළ යුතු බවත් මෙහි වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ සහ රජයේ මන්ත්‍රීවරුන් 159 දෙනාගේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද තිස්සමහාරාම වීරවිල පන්නෙගමුවේ දියබැදි විහාරයේ දී අංජලීපව්ව රජාමහා විහාරය, පන්නගමුව දියබැදි විහාරය,අකුරුගොඩ ශ්‍රී මංගලාරාම යන විහාරයන්හි විහාරාධිපති ලෙස කටයුතු කරන සිරි සුනන්ද වංශාවතංස සද්ධර්ම කීර්ති ශ්‍රී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මාගම මහානාම ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.*
*දිනෙන් දින රුපියලේ අගය පිරිහෙමින් පවතිනවා*
වාර්තගත ලෙස රුපියල අවප්‍රමණය වෙමින් රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ශීඝ්‍රගාමී ලෙස පහත වැටෙමින් පවතින බවත් මේ රුපියල අවප්‍රමාණය වීම තුළ අනිවාර්යෙන්ම උද්ධමනය වැඩි වි, බඩු මිල වැඩි වී වියදම් හා පිරිවැය වැඩි වී සමස්ත ජන ජීවිතය කඩා වැටෙමින් තිබෙන බවත් මේ රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනිමට නම් අපනයන ආදායම වර්ධනය කර ගැනීමටත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත් රටට ලැබෙන විදේශ ප්‍රේෂණ වර්ධනය කර ගන්නවා සේම සෘජු විදේශ ආයෝජන වර්ධනය කර ගත යුතු බවත් මේ දේවල් නොකර ආර්ථිකය හරියාකාරව සකස් කර ගත නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*වත්මන් රජයටත් ජනාධිපතිවරයාටත් ආර්ථික විද්‍යාව ගැන මූලික අවබෝධයක් නැහැ*
වත්මන් ජනාධිපතිවරයා, මුදල් ඇමතිවරයා සහ රජය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ආර්ථික විද්‍යාව ගැන මූලික අවබෝධයක් හෝ දැනුමක් නොමැති බවත් දවසින් දවස වැරදි ආර්ථික තීන්දු තීරණ ගැනිම නිසා අප රටේ ජනතාවට විශාල හානියක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*ජනතාවට සහන දෙන්න රජය වගබලා ගත යුතුයි*
මීට වසරකට පෙර ඊශ්‍රායල් ඇමෙරිකානු හා ඉරාන යුද ගැටුම වර්ධනය වූ බවත් මේ කාලයේ දීම මේ නිර්මාණය වන ආර්ථික අභියෝග වෙනුවෙන් සූදානම් විය යුතු වුවත් එවැනි සූදානමක් නොවු බවත් එදා මේ වෙනුවෙන් සූදානම් වූවා නම් අද වන විට රුපියල ශීඝ්‍රගාමී ලෙස පහළ වැටෙන්නේ නැති බවත් දැන්වත් මේ රුපියල පහළ වැටීම තුළ වුවත් ජනතාව රැකබලා ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වගබලා ගත යුතු බවත් ජනතාවට ලබා දෙන සහන කප්පාදු නොකර තවදුරටත් ජනතාවට ශක්තියත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
*ජනතාවට දෙන සහනාධාර වැඩි කළ යුතුයි*
ජනතාවට ලබා දෙන සහනාධාර වැඩි කළ යුතු බවත් මේ වන විට බඩුමිල වැඩි නිසා ජනතාවගේ පීඩනය අසහනය වර්ධනය වන බවත් මේ මොහොත වන විට ජනතාවට මුහුණ දිය නොහැකි ජිවත් වීමේ ගැටලුවකට මුහුණ දෙන බවත් දූදරුවන්ට හොඳ ආහාර පාන ලබා දී සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ලබා දීමට පවා නොහැකි වීමම බරපතල ගැටලුවක් හා අභියෝගයක් බවත් වත්මන් රජය මේ රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනිමට සහ කළමනාකරණයට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*ණය ගෙවන්න නම් රුපියල අවප්‍රමාණය වීම කළමනාකරණය කර ගත යුතුයි*
එසේම විදේශ සංචිත ශක්තිමත් තැනකට තබා ගත යුතු බවත් රජය IMF සමඟ සාකච්ඡා කර ණය ගෙවීමේ නව ගිවිසුමකට නොයෑම නිසා මේ ගැටලු මැද ඇ. ඩොලර් බිලියන ගණනක ණයක් වාර්ෂිකව ගෙවීමට ඇති බවත් එම නිසා රුපියල අවප්‍රමාණය වීම කළමනාකරණය කර ගන්නවා සේම ජනතාවට ජීවත් වීමට උපරිම ශක්තිය ප්‍රතිපාදන හා රාජ්‍ය මැදිහත්වීම ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
https://youtu.be/rkD6nzucpQ8?si=SWi9KFhnLsKKeAEy