සජින් වාස් යළිත් රිමාන්ඩ්

සජින් වාස් යළිත් රිමාන්ඩ්
රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන 31 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (24) නියෝග කළා.

 
සිද්ධියට අදාල සැකකරු අද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.

සිද්ධියට සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම පවසා සිටියේ මෙම සැකකරු විසින් 2015 වර්ෂයේ සිට 2026 වර්ෂය දක්වා කාලය තුළ හෙළි නොකළ වත්කම් සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති බවයි.

අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරීන් පවසා සිටියේ සැකකරු ඔහුගේ බිරිඳ ඇතුලු දරුවන් එක්ව විදෙස් සංචාර බොහෝ ප්‍රමාණයක් ගොස් තබුණත් ඒ සම්බන්ධයෙන් කිසිදු වියදමක් සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් කර නොමැති බවයි.

පසුව සිදු කරන ලද විමර්ශනවලින් සැකකරුගේ බිරිඳ විසින් පුද්ගලික බැංකු ගණුම් පවත්වා ගෙන ගොස් තිබු බවත් එහි ලක්ෂ 340ක පමණ මුදලක් සොයා ගත හැකි වු බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.

සැකකරුගේ බිරිඳ විසින් ලක්ෂ 400 කට අධික නව ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බවත් අල්ලස් කොමිස අධිකරණයට දැන්වුවා.

මෙම විමර්ශනයට අදාලව සැකකරුගේ බිරිඳ ඇතුලු පිරිසගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායකට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉකුත් (09) වන දින පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (23) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

Search