ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ විදේශ අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සඳහන් කර සිටී.
සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, පවතින තත්ත්වය පිළිබද ඉන්දියාවේ ස්ථාවරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කළ බවය.
අදාළ සාකච්ඡාව ඉතා සාර්ථක සාකච්ඡාවක් වූ බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.