අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන්වල සුළු වැඩිවීමක් සිදුව ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න පවසනවා.
නැව් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩවල තොග මිල ගණන් සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ
භාණ්ඩ හිඟයක් ඇතිවේයැයි බියෙන් වෙළඳසැල් හිමියන් සහ තොග වෙළෙඳුන් අනවශ්‍ය ලෙස තොග රැස්කර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියා.
එළඹෙන උත්සව සමය වෙනුවෙන් අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇනවුම් සිදුකර ඇති බවත්, අවශ්‍ය තරමට භාණ්ඩ තොග පවතින බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න පැවසුවේ.