රනිල්ට හා ඇමති කුමාරට නීති දෙකක්: දයාසිරි ජයසේකර

රනිල්ට හා ඇමති කුමාරට නීති දෙකක්: දයාසිරි ජයසේකර

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ වර්තමාන බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහිව නීතිය ක්‍රම දෙකකට ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ(06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.


හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට සහභාගි වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.


මන්ත්‍රීවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහට එරෙහිව ඇති චෝදනා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉන් අනතුරුව අධිකරණ ක්‍රියාවලියෙන් පසුව වික්‍රමසිංහට  අධි චෝදනා භාරදුන් බවයි.

ඇප ලබාදීමට හෝ ලබානොදීමට මහේස්ත්‍රත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බවත් ඉන් අනතුරුව වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් පෙන්වා දුන්නා.
කුමාර ජයකොඩි ඇමතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා ඉදිරිපත් කිරීම ගැන අවධානය යොමු කළ යුතුයි.

නමුත් කුමාර ජයකොඩි ඇමතිවරයාගේ නඩුව තිබෙන බවත් ඇප ලබා දීමට හෝ ලබා නොදීමට ඇමතිවරයා අධිකරණයට ඉදිරිපත් නොකොට කෙළින්ම අධි චෝදනා ලබාදීමට කටයුතු කර තිබෙන බවත් එසේ දෙයාකාරයකින් ක්‍රියා කිරීම නීතියේ ආධිපත්‍යද කියා තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

අධි චෝදනා භාරදීමට පෙර කුමාර ජයකොඩි ඇමතිවරයාද අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළා.

Search