සෞදි අරාබියේ රාජ්‍ය තෙල් දැවැන්තයා - අරාම්කෝ (Aramco) සමාගම රස් තනුරා පිරිපහදුව වැසීමට පියවර ගෙන තිබේ

සෞදි අරාබියේ රාජ්‍ය තෙල් දැවැන්තයා - අරාම්කෝ (Aramco) සමාගම  රස් තනුරා පිරිපහදුව වැසීමට පියවර ගෙන තිබේ

 ඉරානය දිගට හරහට එල්ල කරන ප්‍රති ප්‍රහාර වලින් සෞදි අරාබියේ රාජ්‍ය තෙල් දැවැන්තයා වන අරාම්කෝ (Aramco) සමාගම සිය රස් තනුරා පිරිපහදුව වැසීමට ඊයේ දින පියවර ගෙන තිබේ.

 එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් පසුව මෙම පියවර ගත් බව පවසන්නේ .


සෞදි අරාබියේ ගල්ෆ් වෙරළ තීරයේ පිහිටි මෙම මධ්‍යස්ථානය මැදපෙරදිග පවතින විශාලතම පිරිපහදු මධ්‍යස්ථානයක් වන අතර, එහි දිනකට බොරතෙල් බැරල් 550,000ක් පිරිපහදු කිරීමේ හැකියාව පවතිනවා .

මෙය ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑමට බලපෑමක් ඇති කරාවි යැයි සැක පළ කරන අතර දැනටමත් සමහර යුරෝපා රට වල තෙල් මිල වැඩි වෙලා තිබෙන බවයි වර්තා වන්නේ ..

 සෞදි අරාබියේ රජයට අයත් ‘සෞදි ඇරම්කෝ’ (Saudi Aramco) සමාගම යටතේ පවතින රාස් තනුරා පිරිපහදු සංකීර්ණය ලොව පවතින විශාලතම සහ වැදගත්ම තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් වන අතර සෞදි අරාබියේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය මෙය වේ .

Search