හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අද අධිකරණය හමුවට : චන්ද්‍රිකා රිමාන්ඩ් එකට ගිහින් !

හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අද අධිකරණය හමුවට : චන්ද්‍රිකා රිමාන්ඩ් එකට ගිහින් !

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක  අද (18) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින් අදාළ වරදට ආධාර හා අනුබල ලබාදුන් බවට චෝදනා එල්ලවීමෙන් අනතුරුව, සමන් ඒකනායක රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

පසුගිය 11 වනදා ඔහු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

එම අවස්ථාවේදී ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර දැනුම් දී තිබුණි.

චන්ද්‍රිකා, සමන් ඒකනායකගේ සුවදුක් බලන්න රිමාන්ඩ් එකට ගිහින්

මේ අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණඩාරනායක කුමාරණතුංග,  හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ සුව දුක් බැලීම සඳහා ඊයේ රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් තිබිණ.

අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඇය මෙසේ සඳහන් කළේය.





සබැඳි පුවත් :

වෘත්තීමය රාජ්‍ය සේවයේ බිඳවැටීම ගැන චන්ද්‍රිකා දැඩි කණස්සල්ලෙන්

 

[theleader.lk] 

Search