තිසකුට්ටිගේ ක්‍රියාකලාපය ගැන කලකිරී පොහොට්ටුවේ මන්ත්‍රී හිමිනමක් පක්ෂය අත්හරී

තිසකුට්ටිගේ ක්‍රියාකලාපය ගැන කලකිරී පොහොට්ටුවේ මන්ත්‍රී හිමිනමක් පක්ෂය අත්හරී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක තිසකුට්ටි ආරච්චි මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් එම පක්ෂයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශී සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමියෝ එම පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබේ.

 

ඒ අනුව උන් වහන්සේ සර්වජන බලය පක්ෂයේ මිහින්තලය ආසන සංවිධායක ධුරය ලබාගෙන ඇත.

තිසකුට්ටි ආරච්චි මහතා අනුරාධපුර ජනතාව සම්බන්ධයෙන් සිදුකරන යම් යම් ප්‍රකාශ හා ඔහුගේ ක්‍රියා කලාපය මෙයට හේතු වූ බව උන් වහන්සේ පක්ෂය අතහැර යාමට හේතු ලෙස සඳහන් කළේය.

මෙලෙස දිගින් දිගටම කටයුතු කළහොත් පොදුජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් හුදෙකලා වනු ඇති බවද පැවසීය.

සර්වජන බලය පක්ෂය සමග එක්වීම ගැන තවදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමියෝ,

"අපි ආයේ අඩියක්වත් පස්සට ගන්නේ නෑ. මිහින්තලය ආසනයේ ඡන්දය ඉල්ලූ මන්ත්‍රීවරු, කොට්ඨාස නියෝජිතයෝ එකතු වුණා. අපි හොඳ සංවිධානයක් හදලා මිහින්තලය ආසනයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්න කටයුතු කරනවා.

අපි ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන්නම් පළාත් සභා මැතිවරණය තියන්න. තියෙන ඕනෑම මැතිවරණයකට අපි සර්වජන බලය පක්ෂය ලෙස ඉදිරිපත් වෙන්න සියලු කටයුතු සංවිධානය කරගෙන යනවා.

ඔය විදයට ගියොත් පොදුජන පෙරමුණේ අයට හුදෙකලා වෙන්න සිදුවෙනවා. තිසකුට්ටි ආරච්චි මහතා ෆෝන් එකෙන් එහේ දේශපාලනය කරයි. අපි මෙහෙ බිමේ දේශපාලන කරන්නේ" යනුවෙන් පැවසීය.

[adaderana.lk]

 

Search