මහාචාර්ය තිස්ස විතාරණ දිවිසැරිය නිම කරයි 

මහාචාර්ය තිස්ස විතාරණ දිවිසැරිය නිම කරයි 

මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ  අභාවප්‍රාප්ත වී  තිබේ.

කලක් රෝගාතුරව සිටි ඔහු අද (13) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු, අමාත්‍ය වරයකු මෙන්ම ආණ්ඩුකාර ධුරයක් හොබවා ඇති මහාචාර්ය තිස්ස විතාරණ මියයනවිට 91 වන වියෙහි පසුවිය.

1974 වසරේ දී ලංකා සමසමාජ පක්ෂයෙන් සිය දේශපාලන දිවිය ආරම්භ කළ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සංවිධානය සහ ශ්‍රී ලංකා කොම්යුනිස්ට් පක්ෂයේ විවිධ තනතුරු හොබවා තිබේ.

Search