නිසි ක්‍රමවේදයකින් තොරව සිදු කළ ප්‍රතිසංස්කරණය නිසා අධ්‍යාපනය අසභ්‍යකරණයට ලක් කළ අයට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා වැරදි කළ අයට නිසි ක්‍රියාමාර්ග ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බොහෝ රටවල අන්තර් ජාලය හරහා අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කරන විට ආරක්ෂක පිටවර ගෙන ඇති බවත් ඇමෙරිකාව, එක්සත් රාජධානිය වැනි රටවල යුරෝපා හවුල ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන බවත් මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළටද එය තිබිය යුතු වුවත් හදිසියේ නිශ්චිත ක්‍රමවේදයෙන් තොරව අවිධිමත්ව මේ වැඩපිළිවෙළ
ක්‍රියාත්මක කිරීම නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අසභ්‍යකරණයට ලක්ව ඇති බවත් මේ සඳහා දේශපාලනඥයන් අධ්‍යාපන ඇමැතිවරිය නිලධාරීන් පවා වගකිව යුතු බවත් මෙය දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නිසා සමාව දිය නොහැකි බවත් හෙතෙම කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මීරිගම මිණිඔලුව ශ්‍රී විද්‍යාවාස මහා පිරිවෙන් කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කඩදොරපිටියේ සුමන හිමියන්ගේ ආදාහන අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මේ සඳහා ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් මේ අසභ්‍යකරණයට වගකිව යුතු අය සෙවිය යුතු බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරිය තාවකාලිකව ඉවත් වූවාට මේ ගැටලුව විසඳෙන්නේ නැති බවත් ඒ තීන්දු තීරණ ගත යුත්තේ ස්වාධීන අපක්ෂපාතීව පරීක්ෂණයක් හරහා බවත් මේ සඳහා විනිවිදභාවයෙන් යුක්ත අපක්ෂපාතී පරීක්ෂණයක් තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා කීය.
ඉතිහාස විෂය ඇතුළත් නොවීම ඇතුළු වැරදි රාශියක් ඇති නිසා මේවා නිවැරදි කළ යුතු බවත් විපක්ෂය කියන දේවල් වැරදියට අර්ථකථනය නොකර නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවත් නව තාක්ෂණය උපයෝගී කර ගත යුතු බවත් හෙතෙම පැවසීය.
මෙහි වගකීම ආණ්ඩුව මෙන්ම රජයේ නිලධාරීන්ද බාර ගත යුතු බවත් වැරදුණු තැන සොයා බැලිය යුතු බවත් දූදරුවන්ගේ මනස විකෘති කළ ක්‍රියාන්විතය සිදු කළේ කවුද කියා සොයා බැලිය යුතු බවත් වරද කළ අයට ලබාදෙන තීන්දුව දැනගත බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මෙම ප්‍රතිසංස්කරණ ගැන සංවාදයක් නිර්මාණය නොවුණු බවත් සංවාදයෙන් තොරව හිතුමතේට උද්දච්චකමට කරන මේ වැඩසටහන් නිසා විපතට පත් වන්නේ දරුවන් බවත් මේ රජය සෑම මොහොතකම තම මතය හරි යැයි සිතා සිටියත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී නම් එසේ නොකළ යුතු බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
අප රටේ සිසු පරපුරෙන් කොපමණ ප්‍රමාණයකට සුහුරු උපකරණයකට ඇති අයිතිය සහ සම්බන්ධතා තියෙද කියා සොයා බැලිය යුතු බවත් මේවායින් වැරදි දේ පවා සිදුවිය හැකි බැවින් මේ ගැනත් සෙවිය යුතු බවත් අලුත් වෙනවා සේම ආරක්ෂාව ගැනත් සිතිය යුතු බවත් ඔහු කීය.
අපේ රටේ වටිනාම සම්පත අවදානම් කණ්ඩායම වන්නේ දරු සම්පත මව් පරපුරු කාන්තාවන් බවත් එම නිසා මේ අවස්ථාවේ අපක්ෂපාතී පරීක්ෂණ අවශ්‍ය බවත් මේ වැරදි කළ අයට නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.