ආපදාව නිසා වැටුණු රට නැවත ගොඩගන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදේශීය රටවල්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ සංවිධානවලින් සහාය ඉල්ලයි.

ආපදාව නිසා වැටුණු රට නැවත ගොඩගන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදේශීය රටවල්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ සංවිධානවලින් සහාය ඉල්ලයි.

දිත්වා සුළි කුණාටුව තුළින් ජිවිත, දේපල අහිමි වී අවතැන් වූ උන්හිටිතැන් අහිමි වී කඳවුරුවලට සීමා වී අනාථ වූ සියලු දෙනාට බලවත් කණගාටුව පුද කරන බවත් මේ මහා දැවැන්ත ව්‍යසනය තුළින් අසහනයට පත් ජනතාව සමඟ විපක්ෂය එකට සිටින බවත් ඊට අමතරව මේ ව්‍යවසයනය තුළින් නිර්මාණය වූ අසහනය පීඩනය දුක කදුල වේදනාව තුනී කරන්නට විපක්ෂයට හා සමගි ජන බලවේගයට කළ හැකි උපරිම දේ සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය මෙන්ම සමස්ත විපක්ෂය මේ ව්‍යවසයනය තුළින් විපතට පත් ජනතාවට ශක්තියක් වන්නට කළ හැකි උපරිම දේ සිදු කරන්න සූදානම් බවත් දේශීය දානපතියන්, පරිත්‍යාගශීලීන් විවිධ සංවිධාන සහ විදේශීය වශයෙන් ලබා ගත හැකි ආධාර උපකාර උපරිමයෙන් අප රටේ ජනතාවට ලබා ගැනිමට කළ හැකි යුතුකම සහ කාර්යභාරය ඉටු කරන බවත් මෙවන් මොහොතක IMF එක අප රටට පවා ඇති කොන්දේසි ලිහිල් කරන ලෙසත් දැවැන්ත ඛෙදවාචකයකට රටම ලක්ව ඇති මොහොතක රටේ ජනතාවට සහනය සුබසාධය සහ සංවර්ධනය හරහා ජීවනෝපාය හා ජන ජිවිත නැවත ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය නිසා IMF එක වහාම ක්‍රියාත්මක වන පරිදි රටට පනවා ඇති දැඩි කොන්දේසි ලිහිල් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් මේ ඛෙදවාචකය නිසා විනාශ වූ ජන ජිවිත යළි ගොඩගන්න සහ මේ බල ප්‍රදේශ නැවත සංවර්ධනය කරන්න සහයා දෙන ලෙසත් මේ අවස්ථාවේ තවත් ණය ලබා ගෙන රට හිරකරනවා වෙනුවට නැවත වරක් රට ගොඩනගන්න ආධාර ලබා දීම අත්‍යාවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*කඩිනම් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන්න*

විපක්ෂ නායකවරයා ලෙස විපක්ෂයේ සියලු දෙනා එකට එකතු වී මේ මහා ව්‍යවසයයෙන් රට ගොඩනගන්න ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මේ ව්‍යවසනකාරී තත්ත්වය නිසා රටට සිදු වූ ඉමහත් හානිය නිසා සිදු වූ ඛෙදවාචකයෙන් නැවත රට ගොඩ ආ යුතු නිසා මේ සම්බන්ධයෙන් ලෝකයේ අවධානය ලබා ගෙන අප රටට ලබා ගත හැකි ධනාත්මක ප්‍රගතිශීලී ආධාර ලබා ගැනීමේ ජාතික ව්‍යායාමයකට මුල පිරිමට විපක්ෂ නායකවරයා ලෙස සූදානම් බවත් මේ සදහා විපක්ෂයේ දායකත්වය ද ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ගැන මේ වෙලාවේ හිතන්න එපා*

ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව රට ගොඩනගන වැඩසටහනට විපතට පත් ජනතාව ශක්තිමත් කරන්න කටයුතු කරන ලෙසත් පටු වාද භේද පසෙකලා රටක් ලෙස එකට එක්ව කටයුතු කරන ලෙසත් දේශපාලනය පසෙකලා ලබා දිය යුතු උපරිම ශක්තිය විපක්ෂය ලබා දෙන බවත් ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම යුතුකම් ඉටු කරන්න සූදානම් බවත් විපක්ෂ නාක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

https://youtu.be/TUpVlEXdagc?si=ctzef8RYvbG6gKnZ

Search