විශේෂඥ වෛද්‍යවරුන් සඳහා නව සේවා ව්‍යවස්ථාවක් කඩිනමින් සැකසීමට අදාළ පියවර ගන්නා බව ජනාධිපතිවරයා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වෙත පොරොන්දුවක් ලබා දී තිබේ.
ඊයේ (නොවැ. 18) මෙම වෛද්‍යවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී සිය ගැටලු පිළිබඳව සිදු කළ සාකච්ඡාවේදී මේ බව පොරොන්දු විණැයි එම සංගමයේ භාණ්ඩාගාරික විශේෂඥ වෛද්‍ය දිලීපා අමරසූරිය ‘මව්බිම’ට පැවසුවා ය.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ වැටුප්තල, ඔවුන්ගේ අතිකාල දීමනා ආදිය පිළිබඳව සම්මත සේවා ව්‍යවස්ථාවක් පිළිබඳව වසර 10ක පමණ කාලයක් තිස්සේ කතාබහට ලක්වුවද එය නිසි ලෙස සකස් නොවීම හේතුවෙන් සිය වෘත්තියට සිදු වූ අසාධාරණකම් පිළිබඳව වෛද්‍යවරුන් ජනාධිපතිවරයා වෙත කරුණු දක්වා තිබේ.
ඒ අනුව කඩිනමින් අදාළ සේවා ව්‍යවස්ථාව සැකසීමට පියවර ගන්නා ලෙස එහිදී ජනාධිපතිවරයා සාකච්ඡාවට සහභාගී වූ අදාළ බලධාරීන්ට ද උපදෙස් දුන්නේ ය.
මෙම සාකච්ඡාවට විශේෂඥ වෛද්‍ය සංගමය නියෝජනය කරමින් වෛද්‍යවරුන් විසිදෙනෙකු පමණ සහභාගී වූ අතර සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි, මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු නිලධාරීහු සහභාගී වූහ