ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ බුදුපිළිම වහන්සේ ඉවත් කිරීමට හා එහි භික්ෂූන් වහන්සේලාට පහරදීමට පොලිසිය කටයුතු කළේ කවරෙකුගේ වුවමනාවට දැයි වහාම සොයාබලන ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක, කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහ නාහිමිපාණෝ ජනාධිපතිවරයාට දන්වා සිටී.
බෝධිරාජ විහාරස්ථානයේ පෙරේදා (16දා) හටගත් සිදුවීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් මහ නාහිමියෝ මෙසේ ද පවසා සිටිති.
රජයේ ලියාපදිංචිය ඇති මෙම විහාරස්ථානයට එල්ල වී ඇති තර්ජන හා අභියෝග මහා සංඝරත්නයේ හා බෞද්ධ ජනතාවගේ බලවත් සිත් තැවුලට හේතුවී ඇති බවත් එම සිදුවීම තරයේ හෙළා දකින බවත් මහ නාහිමියෝ පවසා සිටිති.
“පොලිසියේ මෙම හැසිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. මේ පිළිබඳව ඔබ තුමාගේ කඩිනම් අවධානය යොමු කොට දැනට කඩා ඉවත් කිරීමට යෝජනා කර ඇති බෝධිරාජ විහාරයේ ගොඩනැගිල්ල ඉවත් නොකරන ලෙසත්, විහාර භූමියේ හා විහාරස්ථානයේ හා භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ අංශ දැනුවත් කර කඩිනම් පියවර ගන්නා ලෙසත් දන්වා සිටිමි” යැයි ද මහ නාහිමියෝ ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් වේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ බුදුපිළිම වහන්සේ ඉවත් කිරීමට හා එහි භික්ෂූන් වහන්සේලාට පහරදීමට පොලිසිය කටයුතු කළේ කවරෙකුගේ වුවමනාවට දැයි වහාම සොයාබලන ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක, කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහ නාහිමිපාණෝ ජනාධිපතිවරයාට දන්වා සිටී.
බෝධිරාජ විහාරස්ථානයේ පෙරේදා (16දා) හටගත් සිදුවීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් මහ නාහිමියෝ මෙසේ ද පවසා සිටිති.
රජයේ ලියාපදිංචිය ඇති මෙම විහාරස්ථානයට එල්ල වී ඇති තර්ජන හා අභියෝග මහා සංඝරත්නයේ හා බෞද්ධ ජනතාවගේ බලවත් සිත් තැවුලට හේතුවී ඇති බවත් එම සිදුවීම තරයේ හෙළා දකින බවත් මහ නාහිමියෝ පවසා සිටිති.
“පොලිසියේ මෙම හැසිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. මේ පිළිබඳව ඔබ තුමාගේ කඩිනම් අවධානය යොමු කොට දැනට කඩා ඉවත් කිරීමට යෝජනා කර ඇති බෝධිරාජ විහාරයේ ගොඩනැගිල්ල ඉවත් නොකරන ලෙසත්, විහාර භූමියේ හා විහාරස්ථානයේ හා භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ අංශ දැනුවත් කර කඩිනම් පියවර ගන්නා ලෙසත් දන්වා සිටිමි” යැයි ද මහ නාහිමියෝ ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් වේ