අය-වැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි…පක්ෂව 160යි – විපක්ෂව 42යි

 අය-වැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි…පක්ෂව 160යි – විපක්ෂව 42යි

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා (07දා) ඉදිරිපත් කළ ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවන අය – වැය විසර්ජන පනත් කෙටුම්පත් දෙවන වර කියැවීම වැඩි ඡන්ද 118 කින් ඊයේ (14දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අය – වැයට පක්ෂව මන්ත්‍රීවරුන් 160 දෙනෙකු ද විපක්ෂව මන්ත්‍රීවරු 42 දෙනෙකු ද ඡන්දය ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරු 08 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

අයවැයට පක්ෂව ආණ්ඩු පක්ෂය සමග සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරන දමිල ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, පී. දිගම්බරන් හා වී. රාධක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරු ද එජාප මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා ද ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

එමෙන්ම ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය

Search