තවත් ජීවිත අහිමි වෙන්න පෙර Online ණය මාෆියාව ගැන දැන්වත් සොයා බලන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

තවත් ජීවිත අහිමි වෙන්න පෙර Online ණය මාෆියාව ගැන දැන්වත් සොයා බලන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අත්තගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලගෙදර ගම්මානයේ හිමායා සෙව්වන්දි යන තරුණිය මාර්ගගත ක්‍රමයට ණය මාෆියාවට හසුවී සියදිවි නසා ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කල යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.


මෙවැනි මාර්ගගත ණය ලබා දෙන අනීතික ආයතන රැසක් ඇති බවත් මේ සම්බන්ධයෙන් විධිමත් නීතියක් ක්‍රියාත්මක කළ යුතු බවත් තවත් ජිවිත නැති වෙන්න පෙර මේ ගැන සොයා බලා මෙය නැති කිරිමට රජය ගන්නා පියවර ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේය.

https://youtu.be/zoI6r7HHuZM?si=_ak7GqGvFhDPYNXo

Search