නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ විශිෂ්ටත්ව සන්නාමය ලෙස අප රටේ මැතිවරණ කොමිසම හඳුන්වනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ විශිෂ්ටත්ව සන්නාමය ලෙස අප රටේ මැතිවරණ කොමිසම හඳුන්වනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඉන්දියාව 50 දශකයේ ආදර්ශමත් මැතිවරණ කොමිසම් වැඩසටහනක් ආරම්භ කළත් ලෝකයේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී රටවල මැතිවරණ කොමිසම් අභිබවා ඉදිරියට ඒමට අප රටේ මැතිවරණ කොමිසමට හැකියාව ලැබීම ගැන සතුටු වන බවත් මේ මැතිවරණ කොමිසමට සභාපතිවරු සාමාජිකයන් ඇතුළු සියලු දෙනාටම පාහේ දේශපාලන මතයක් ඇති නමුත් මේ සියලු දෙනා ඉන් ඔබ්බට ගොස් කුමන දේශපාලන මතයක් දැරුවත් වගකීම වගවීම විනිවිදභාවය නිවැරදි ක්‍රමවේදය ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් කටයුතු කිරීම ප්‍රශංසාවට ලක් කළ යුතු බවත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ගෞරවය පුද කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී පැෆ්රල් සංවිධානය විසින් සංවිධානය කර තිබූ හමුවක් අමතමිනි. ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව ලෝකයේ හොඳම මැතිවරණ කොමිසම බවට පත්වීම සම්බන්ධයෙන් මෙම හමුව පැවැත්විණි.*

ඉතිහාසය පුරාම ලෝකයේ සෙසු රටවල මෙන්ම අප රටේ ද මැතිවරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආයතන කාලයක් පුරා දේශපාලනීකරණයට ලක් වුවත් ක්‍රම ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පරිණතභාවයට ලක්වන විට වැදගත් අදහස්වලට අගයක් ලැබෙන විට ස්වාධීනත්වය ස්ථාපිත කිරීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක වූ බවත් මෙය ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන මුර දේවතාවුන් බවත් ජනතාවගේ සෛරීත්වය, ජනතා පරමාධිපත්‍ය ජනතා අභිලාශ ශක්තිමත් කිරිමට ක්‍රමවේදය ගැන විශ්වාසයක් තිබිය යුතු බවත් මේ විශ්වාසනීයත්වය වැදගත් බවත් යුක්ති සහගතව සාධාරණව ක්‍රියාත්මක වන බවට බැලූ බැල්මට ජනතාවගේ විශ්වාසය හා ක්‍රමවේදය සුරක්ෂා කරන්න වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෑම කොමිසමක්ම මැතිවරණ ක්‍රියාවලිය තුළ අභියෝග රැසකට මුහුණ දෙන බවත් දුර්මත අසත්‍ය වැරදි තොරතුරු යන කරුණු කාරණා තුළ සෑම මැතිවරණ කොමිසමක්ද අභියෝග රැසකට මුහුණ දුන් බවත් වගකීම සහ වගවීම තුළ කොන් වූ ජන කොට්ඨාස ආබාධිත ප්‍රජාව කාන්තාවන් යන අංශවලට නිසි රැකවරණය ආරක්ෂාව ශක්තිය ලබා දෙන්න සෑම කොමිෂන් සභාවක්ම කටයුතු කිරීම සතුටට කරුණක් බවත් නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ විශිෂ්ඨත්ව සන්නාමය ලෙස අප රටේ මැතිවරණ කොමිසම හඳුන්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

දේශපාලන මතිමතාන්තර දර්ශන වැඩපිළිවෙළ පිළිගත් දේ ආදිය එලෙසම තබා ගෙන රටේ සහ ජානතාවගේ උන්නතිය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීම වෙනුවෙන් සුපුරුදු රාමුවෙන් ඔබ්බට ගොස් නිවැරදි විශිෂ්ට සේවාවක් ඉටු කිරීම අගය කරන බවත් මේ ලැබූ ජාත්‍යන්තර ගෞරවය එයටද හිමිවිය යුතු බවත් තවදුරටත් මෙම මැතිවරණ ක්‍රමය ස්වාධිනත්වය විනිවිදභාවය වගකීම වගවීම ආරක්ෂා කිරීමට තමාටද යෝජනා කිහිපයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

මැතිවරණ පැවැත්වීමේ කාලවකවානු ගැන කතා කරන විට ඒ ඒ කාලවකවානුවලට පවතින ආණ්ඩුවලට ලබා දෙනවා වෙනුවට ස්ථිර කාලයක් තුළ පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන බවත් එසේම නිශ්චිත කාල වකවානුව තුළ මැතිවරණ පැවැත්වීමට මුල්‍ය වෙන් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සිදුවිය යුතු බවත් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කිරීමක් ගැන සිතන ලෙසත් අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ජනතා පරමාධිපත්‍ය සුරකීම අපගේ අභිප්‍රාය නම් මේ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙසත් දැනට ලෝකයේ සිදුවන පරිවර්තනාත්මක තාක්ෂණ විප්ලවය තුළ ඡන්ද දායකයාගේ අයිතිය ආරක්ෂා කරන්නේ කෙසේද කියා සිතිය යුතු බවත් මේ සම්බන්ධයෙන් ද අවධානය යොමු විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

NEWS CLIP 🧧 https://youtu.be/1qfwCqF4QY0?si=ES2JqWBH5No1HcrQ

Search