ලංකාවේ විශාලතම සමූපාකාරය වන බෙරලපනාතරිනුත් මාලිමාවට දරුණු පරාජයක්! සජබය ප්‍රමුඛ විපක්ෂයට 84යි! මාලිමාවට 15යි! I

ලංකාවේ විශාලතම සමූපාකාරය වන බෙරලපනාතරිනුත් මාලිමාවට දරුණු පරාජයක්! සජබය ප්‍රමුඛ විපක්ෂයට 84යි! මාලිමාවට 15යි! I

ලංකාවේ විශාලතම සමූපකාරය වන බෙරලපනාතර සමූපේ ඡන්ද විමසීමේදී 84ට 15ක් ලෙස ජයග්‍රහණය කිරීමට පොදු විපක්ෂය සමත් විය.

හක්මන හා දෙනියාය ආසන වල කොටස් සහිත මෙම සමූපකාරයේ ඡන්ද හිමි සාමාජිකයින් ප්‍රමාණය 51,000ට අධිකය.

මෙම සමූපකාර ප්‍රතිපලය යනු මාතර දිස්ත්‍රික්කයේම ප්‍රතිපලය ලෙස හැඳින්විය හැකිය.

ඡන්දයට පස්ගොඩ ප්‍රා.සභාවේ මාලිමාවේ සභාපති වන විජිත රන්ගමගේ නියෝජනය කරන කොට්ඨාසයත් අන්ත පරාජයකට ලක්වී ඇත.

මැයි මාසයේ පැවැත්වූ පළාත් පාලන ඡන්දයෙන් මෙම සමූපකාර බල ප්‍රදේශයට අයත් පස්ගොඩ ප්‍රා.සභාව මාලිමාව 48%ක් ලබාගත් අතර හක්මන ප්‍රා.සභාව 45%ක් ගෙන මාලිමාව ජයග්‍රහනය කරන ලදි.

මෙම සමූපකාරය ජයග්‍රහනය මාලිමාවට කෙතරම් වැදගත්ද කිවහොත් පසුගිය සතිය තුල හඳුන්, ගාල්ලෙ නලීන් ඇතුලු ඇමතිවරු සහ මන්ත්‍රීවරු ගෙවල් ගානෙ කැන්වසින් ගොස් තිබිණ.

නිලවරණය අවස්ථාවට වෙනත් ආසන වල ජවිපෙ සාමාජිකයින් බස් රථ 20ට අධික ප්‍රමාණයක් මගින් ගෙනැවිත් අවසන් මොහොතෙත් බලපෑම් කළ බවටත්, විපක්ශයේ අපේක්ශකයින් බියගැන්වීමට උත්සහ කළ බවටත්, ඡන්ද දායකයින්ට ගෙදරටම ප්‍රවාහන පහසුකම්ද ලබා දුන් බවටත් චෝදනා එල්ල වී තිබේ.

මෙතරම් උත්සහ කරලත් කාරක සභිකයින් 99ක් තෝරා ගැනීම සඳහා අද පැවැත්වූ නිලවරණයෙන් 84ක් ඒකාබද්ධ විපක්ෂයටත්, 15ක් ආණ්ඩුවේ මාලිමාවටත් ලෙස මාලිමාවට අන්ත පරාජයක් අත් කරදී ඇත.

Search