මන්නාරම් සුළං විදුලි ව්‍යාපෘති අත්හිටුවීමට කැබිනට් එකඟතාව

මන්නාරම් සුළං විදුලි ව්‍යාපෘති අත්හිටුවීමට කැබිනට් එකඟතාව

ඉදිරියේදී මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර ඇත.

ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරිසරික හා සාමාජයීය ගැටලු සැලකිල්ලට ගනිමින් මන්නාරම් දූපතේ ජනතාවගේ කැමැත්තෙන් තොරව තවදුරටත් එම දූපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපතිතුමා අදාළ බලධාරීන්ට දැනුම්දී ඇති බව බලශක්ති අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමෙන් පසුව ඒ අනුව කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී තිබේ.

දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාප්ති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනා ගනු ලැබ ඇති මන්නාරම දූපත සඳහා සුළං විදුලි ව්‍යාපෘති තුනක් (03) සැලසුම් කර ඇත. එම ව්‍යාපෘති අතරින් එක් ව්‍යාපෘතියක් වන තම්බපවනි සුළං විදුලි බලාගාරයේ මෙභෙයුම් කටයුතු 2021 වසරේ ආරම්භ කරනු ලැබ තිබේ.

අනෙක් ව්‍යාපෘති වන Windscape Mannar (pvt) Ltd මෙගාවොට් 20 ක සුළං විදුලි ව්‍යාපෘතියේ සහ Hayleys Fentons මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු පිළිවෙළින් 2025 දෙසැම්බර් මස සහ 2026 දෙසැම්බර් මස ආරම්භ කිරීමට සැලසුම් කර තිබිණි

Search