අද රටේ ඇත්තේ සංවර්ධන යුගයක් නොව වෙඩි පත්තු වෙන යුගයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අද රටේ ඇත්තේ සංවර්ධන යුගයක් නොව වෙඩි පත්තු වෙන යුගයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ මොහොත වන විට මහජන නියෝජිතයන්ගේ ඔවුන්ගේ ජනතා සේවාව ජනතාවට ඵලදායි වන ආකාරයට ක්‍රියාත්මක කිරීම, ජනතා ප්‍රශ්න විසඳීම ආදිය අද සිදු කිරිමට වී ඇත්තේ අනතුරුදායක පරිසරයක බවත් දිනපතාම වෙඩි පත්තුවෙන යුගයක් අද රටේ නිර්මාණය වී මිලේච්ඡයන් මිනිමරුවන් කුඩුකල්ලි පාතාල කල්ලි සමාජයේ පාලනය අතට ගෙන පාලනය කරමින් සිටින බවත් ඔවුන් කියන දේ නොකළොත් මරණය ලබා දෙන තැනට නීතියේ ආධිපත්‍ය බිඳ වැටි යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය පවා දුර්වල වී ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරවල් එල්ලවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


*සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ දේශපාලන සහ රාජ්‍ය පාලන දැනුම තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණ ඇතිව සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී පසුගිය දා මහාමාන්‍ය ඩී ඇස් සේනානායක දේශපාලන පීඨය ආරම්භ කරන ලදී. එහි දිගුවල් ලෙස සමගි ජන බලවේගයේ පළාත් පාලන ආයතනවල සභාපතිවරු සහ උපසභාපතිවරුන් වෙනුවෙන් වැඩමුළුවක් පසුගිය 1 වනිදා පැවැත්විණි. මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා, බුද්ධික පතිරණ මහතා මෙන්ම සමගි ජන බලවේගයේ පළාත් පාලන ආයතන සභාපතිවරු උපසභාපතිවරු රැසක් එක්විය. මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.*

මෙයට හේතුව නීතිය හා සාමය ස්ථාපිත කළ නොහැකි දුර්වල රාජ්‍ය පාලනයක් නිසා බවත් අප රටේ නීතියේ ආධිපත්‍ය සෑම අතින්ම ශක්තිමත් කිරීම රජයේ වගකීම බවත් පසුගිය කාලයේ වත්මන් රජයේ දේශපාලන බලය මරණාධාර සමිතිය, යෞවන සමාජය, සිවිල් ආරක්ෂක කමිටු දක්වා ව්‍යාප්ත කර ඇති බවත් එවන් ආණ්ඩුවට රටේ සාමය ස්ථාපිත කරන්න නොහැකි වී ඇති බවත් මිනිමරු කල්ලිවලට පාතාල කල්ලිවලට සමාජයේ න්‍යායපත්‍රය රජයම බාර දී ඇති බවත් මෙය සිදු විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*ජනතාවට ඇති එකම විකල්පය සමගි ජන බලවේගයයි*

මෙරට පුරවැසියන් ලෙස එකම විකල්ප දේශපාලන ගමන ලෙස සමගි ජන බලවේගයට ලක්ෂ 220 ජනතාවගේ ජීවිත හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වැදගත් බවත් මෙය තහවුරු කරන්නට මේ රටට ඇති එකම විකල්පය වන්නේ සමගි ජන බලවේග විපක්ෂය බවත් මහජන නියෝජිතයන්ගේ පරිණත සේවාවක් කිරීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කරන්න පූර්ණ කැපකිරීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*දේශපාලන සැනකෙළි පැවැත්වූවා ඇති*

බොරු පොරොන්දු ලබා දී ජනතාව අනාථ කර සැනකෙළි හා සංදර්ශන දේශපාලනයේ නියැලී තාවකාලික සුළු ජනප්‍රියත්වයක් නඩත්තු කරන ප්‍රමිතියෙන් බාල රාජ්‍ය පාලනයක් රටේ ඇති බවත් මේ මහජන නියෝජිතයන්ට පරිණත ජනතා සේවාවක් කිරිමට අවශ්‍ය වාතාවරණය සකස් කර දෙන ලෙස ඉල්ලා සිටින බවත් මේ සම්බන්ධයෙන් පොලිසපතිවරයා සහ කතානායකවරයා හමු වී මේ බව පැවසූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*මේ දුර්වල රාජ්‍ය පාලනය නිසා ජීවිත නැති වුණා ඇති*

මේ සෑම දෙයක්ම සිදු වන්නේ රටේ ඇති දුර්වල පාලනය සහ රජයට නීතිය හා සාමය ආරක්ෂා කරන්න නොහැකි නිසා බවත් රජයේ දුර්වල පාලනය නිසා මිනිස් ජීවිත නැති වෙන්න ඉඩ දිය නොහැකි බවත් එදා විපක්ෂයේ සිටින විට වත්මන් රජයේ මැති ඇමතිවරු ජාතික ආරක්ෂාව ගැන පන්ති පවත්වන්න යෝජනා කළත් අද ඔවුන්ට මේ ඝාතන රැල්ල නැවැත්වීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*මෙහි දී මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන පීඨයේ දමිළ භාෂා අධ්‍යාපන ඒකකයද ආරම්භ කරණ ලදී*

NEWS CLIP 🧧 https://youtu.be/L3fQ2stY8HI?si=LMi0jdGQnCP0gwO0

 

IMG 20251103 WA0094

 

IMG 20251103 WA0093

IMG 20251103 WA0092

Search