මේ වන විට රටත් ජනතාවත් අපේක්ෂා භාංගත්වයට පත් වෙමින් සිටින බවත් වෙනසක් අපේක්ෂාවෙන් අලුත් ක්‍රමයක් වෙනුවෙන් ඡන්දය ලබා දුන් ලක්ෂ ගණනින් ජනතාව අද වඩාත් හොඳ විකල්පයක් වඩාත් ශක්තිමත් ගමන් මාර්ගයක් පළාත් සභා මැතිවරණ හරහා නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගුරුගේ නේචර් පාර්ක් ශ්‍රවණාගාරයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයේ ප්‍රාදේශීය සභා අපේක්ෂක අපේක්ශිකා සමග පැවැති හමුවකදීය.*
රට වෙනුවෙන් එකතු විය යුතු තැන්වල එකතු වීමටත් ඒකාබද්ධ විය යුතු තැන්වල ඒකාබද්ධ වීමත් සිදුවිය යුත්තේ පක්ෂයේ අනන්‍යතාව රැකගෙන බවත් වසර පහමාරක් පමණක් වයසැති සමගි ජන බලවේගයට මේ වන විට පළාත් පාලන මන්ත්‍රීවරුන් 1773ක්, පළාත් පාලන ආයතන 39ක සභාපතීත්වය සහ තවත් 21ක උප සභාපතීත්වයත් අද රටේ පළාත් පාලන ආයතන 340 ගණනින් 100කට වඩා වැඩි ප්‍රමාණයක සභාපති තනතුරු ගෙන ඇත්තේ විපක්ෂයේ පක්ෂ බවත් ජනාධිපතිකමි පාර්ලිමේන්තුවේ 2/3ක බලය සහ පළාත් පාලන ආයතන බහුතරයක බලය රජයට තිබුණත් නොහැකියාව නිසා අද රජය පිරිහී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*වත්මන් රජය කතෝලික ප්‍රජාවත් රැවටුවා*
වත්මන් රජය රටේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කර නැති බවත් මේ රජය මුළු ජන සමාජයම රවටා ඇති බවත් අප්‍රේල් මාසය වන විට පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ගැන සුබආරංචිය දෙනවා කිව්වත් තවමත් නොමැති බවත් වත්මන් රජය මුළු කතෝලික ප්‍රජාවම රවටා ඇති බවත් රජය මේ තොරතුරු සැගවීමම ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*රට පුරා මිලේච්ඡත්වය රජ වෙලා*
ඊට අමතරව සමස්ත සමාජයම නාදුනන තුවක්කුකරුවන්ගේ ග්‍රහණයට ලක්ව මිලේච්ඡත්වය රජ වී ඇති බවත් යුක්තිය සාධාරණත්වය ඉටු නොවන බවත් නීතියේ ආධිපත්‍ය බිඳ වැටී නීතිය වල්බිහි වී ඇති බවත් මේ මිනිමරු ඝාතන සංස්කෘතියට වගකිව යුත්තේ වත්මන් රජය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
*රජය දන්නේ විසිතුරු වචනවලින් සැණකෙළි පවත්වන්න විතරයි*
මෙවැනි ගැටලු රැසක් මැද වත්මන් රජය විසිතුරු වචනවලින් තවමත් ජනතාව මංමුලා කරන බවත් එදත් අදත් කළේ මේ මංමුලාව බවත් මේ මොහොත වන විට ඝාතන සංස්කෘතිය නැති කරන්න රජයට නොහැකි වි ඇති බවත් බොරු මාධ්‍ය සැණකෙළ පවත්වන්නේ නැතිව හරි දේ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් අද මේ කුඩු සංස්කෘතිය පාසල් පද්ධතිය පවා වෙළගෙන ඇති බවත් එය නවත්වන්න රජයට සැලසුමක් නොමැති බවත් බොරු සංදර්ශන හරහා තාවකාලික පැවැත්ම තහවුරු කර ගනිමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*2028 ණය ගෙවන්න බැරි වුනොත් අපි බංකොලොත් වෙනවා*
2028 අප රටක් ලෙස ණය ගෙවන්න බැඳී ඇති බවත් මේ විදේශ ණය ගෙවන්න නම් ඉහළ සංචිත ප්‍රමාණයක් තිබිය යුතු බවත් ආර්ථික වර්ධනය වේගවත් විය යුතු වුවත් මේ රජයට ඒ සදහා කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් විදේශ ණය ගෙවන්න බැරි වුවහොත් නැවත වරක් බංකොලොත් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය
NEWS CLIP 🧧 https://youtu.be/qktFh2O9HS8?si=oi1yCzvC4G5GlUs4