මරණ තර්ජන එල්ල වූ මන්ත්‍රී ජගත් විතානගේ ආරක්ෂාව තර කරයි

මරණ තර්ජන එල්ල වූ මන්ත්‍රී ජගත් විතානගේ ආරක්ෂාව තර කරයි

මරණ තර්ජන එල්ල වී සිටින සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබා දී ඇත.


පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ලබා දී තිබේ.

ජගත් විතාන මහතාට මරණ තර්ජන එල්ල වී ඇති බැවින් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස මීට ඉහතදී පොලිස්පතිවරයා විසින් පොලිස් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබිණි.

මේ අතර තම ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කතානායකවරයාගෙන්ද ඉල්ලීමක් කළේය.

Search