උතුපළාතේ වකුගඩු රෝගීන් මුහුණ දෙන අර්බුදය සම්බන්ධයෙන් පළ වූ වීඩියෝ වාර්තා ඇසුරින් ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය හඳුනාගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , කැබිතිගොල්ලෑව මූලික රෝහලට රුපියල් ලක්ෂ 39ක් වටිනා වකුගඩු රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කර තිබේ.
මෙම පරිත්‍යාගය විපක්ෂ නායකවරයාගේ මූලිකත්වයෙන් කැබිතිගොල්ලෑව මූලික රෝහලේදී සිදු කෙරිණි.
රුපියල් ලක්ෂ 31ක් වටිනා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් , රුපියල් ලක්ෂ 6.5ක් වටිනා ආරෝ ප්ලාන්ට් යන්ත්‍රයක් මෙහිදි පරිත්‍යාග කෙරෙණ .
පසුගියදා කැබිතිගොල්ලෑව පොළ භූමියේදී පැවති “ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවයේ” දී රෝහලට අත්‍යාවශ්‍ය රුධිර කාන්දුකරණ උපකරණ ඇතුළු තවත් උපකරණ රැසක හිඟයක් පවතින බව විපක්ෂ නායකවරයාට දැනගන්නට ලැබුණි. ඒ අනුව, විපක්ෂයක් ලෙස සාර්ථක විසඳුමක් ලබාදීමේ අරමුණින් මෙම පරිත්‍යාගය සිදු කළ බව සමගි ජන බලවේගය පවසයි.
පරිත්‍යාගයෙන් පසු කැබිතිගොල්ලෑව නගරයේ පැවති ජන හමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ, සෞඛ්‍ය හා අධ්‍යාපනය රටක ජනතාවගේ මූලික හා මානව අයිතියක් වන බැවින් එය කටවචනයෙන් නොව ක්‍රියාවෙන්ම ආරක්ෂා කළ යුතු බවයි.
ඔහු තවදුරටත් චෝදනා කළේ, මේ වන විට නිදහස් සෞඛ්‍ය සේවයේ උපකරණ, වෛද්‍ය හා කාර්ය මණ්ඩල හිඟයක් පවතින බවත්, නවීන පන්නයේ උපකරණ නොමැතිවීමෙන් ජනතාවගේ ජීවිත අනතුරේ වැටී ඇති බවත් ය.
රුධිර කාන්දුකරන උපකරණවල හිඟය නිසා රෝගීන්ට මුදල් ගෙවා පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ගැනීමට සිදුව ඇති බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, ” තිබුණටත් වඩා හොඳට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරනවා” යැයි පැවසූ වත්මන් රජය අද සෞඛ්‍ය සේවාව දුර්වල කර ඇති බවටත්, වකුගඩු රෝගීන්ට අවශ්‍ය ඩයලසීස් කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන නොදීමෙන් උපකරණ කඩෙන් ගෙන ඒමට සිදුව ඇති බවටත් චෝදනා කළේය