හොරු ඇල්ලුවට ජන ජීවි­ත­වල වෙන­සක් නෑ…දිලිත් ජය­වීර

හොරු ඇල්ලුවට ජන ජීවි­ත­වල වෙන­සක් නෑ…දිලිත් ජය­වීර

රට ගොඩ­නැ­ඟී­මට නම් සභ්‍ය­ත්වය මත පද­නම් වූ ව්‍යව­සා­ය­කත්ව රාජ්‍ය­යක් නිර්මා­ණය කළ යුතු බව සර්ව­ජන බලය නායක, පාර්ලි­මේන්තු මන්ත්‍රී දිලිත් ජය­වීර මහතා පැව­සීය.


මන්ත්‍රී­ව­රයා මේ බව පැව­සුවේ රක්වාන ආස­නයේ අම්බැ­විල කොට්ඨා­සයේ සර්ව­ජන සභාව පිහි­ටු­වීමේ අව­ස්ථා­වට එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ මන්ත්‍රී­ව­රයා මෙලෙස ද කීවේය.

“ජන­තාව සතු­ටින් තියන්න නම් කරුණු දෙකක් සිද්ධ වෙන්න ඕනෙ. තමන්ට ඕනෙ දෙයක් ගන්න, දරු­වන්ට උග­න්වන්න, ඉතිරි කරන්න අතට සල්ලි ලැබෙන්න ඕනෙ. ඒ සඳහා මේ රටට යන්ත්‍ර­ණ­යක් තිබෙන්න ඕනෙ. ඒ යන්ත්‍ර­ණය තුළ ධනය නිර්මා­ණය වෙන්න ඕනෙ. ණය ගෙන, තිබෙන දේ විකුණා, රාජ්‍ය දේපළ විකුණා එහෙම නැත්නම් හොරු අල්ලලා සල්ලි හම්බ වෙන්නේ නෑ. එහෙම සල්ලි හම්බ කර­න්නත් බෑ. මාලි­මා­වට ඡන්දය දුන්න අය හිතුවා, හොරු ඇල්ලු­වාම තමන්ගේ ජීවිතේ වෙන­සක් වෙයි කියලා. හොරු අල්ලන්න ඕනෙ. මේ රටේ හොරුන්ට ඉඩක් තියන්න බෑ. මේක බුදුන් පය තැබූ දේශ­යක්. අපි හොර­කම අනු­මත කරන්නේ නෑ. කිසිම කෙනෙක් හොර­කම් නොකළ යුතුයි. ඒක තමයි අපේ දහමේ එන පණි­වු­ඩය. හොරු අල්ල­නවා කියලා ජව­නිකා කරලා ජන­තා­වගේ ජීවි­තයේ කිසිදු වෙන­සක් වෙන්නේ නෑ. මේ වෙන තෙක් අල්ලපු එක හොරෙ­ක්ගෙන් තඹ දොයි­තක් භාණ්ඩා­ගා­ර­යට එකතු වෙලා නෑ. එකතු වෙන්නෙත් නෑ. ඒකයි අපි කියන්නේ ජන­තාව මේ ආණ්ඩු­වට ඡන්දය දීලා බලා­පො­රොත්තු වූ කිසිම දෙයක් මේ වෙන­කම් වෙලා නෑ කියලා. ඔබ හිත­න­වද ගොවියා, රාජ්‍ය සේව­කයා, කම්ක­රුවා සතු­ටින් ඉන්නවා කියලා. ඔවුන් ළඟට ගිහින් කතා කරන්න. එත­කොට සැබෑ තත්ත්වය තේරුම් ගත හැකියි. ඒ කිසිම කෙනෙක් සතු­ටින් නෑ. එදා ඔවුන් පාරට බැහැලා උද්ඝෝ­ෂණ කළේ, පික­ටින් කළේ සතු­ටින් ඉන්න පුළු­වන් රාජ්‍ය­යක් ගන්න. ඒත් අද එහෙම වෙලා නෑ.

අපේ පක්ෂය බල මණ්ඩල කැඳවා ජන­තා­වට සාම්ප්‍ර­දා­යික ලෙස කතා පවත්වා ගෙදර යවන දේශ­පා­ල­න­යක් කරන්නේ නෑ

Search