වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුවේ සදහන් ආකාරයට අලුත් ණය ප්‍රතිව්‍යුගතකරණයක් යටතේ නව කොන්දේසි සහිත අයි එම් එෆ් ගිවිසුමක් ඇති කර ගන්නවා කිව්වත් එය ක්‍රියාත්මක නොවී පසුගිය රජයේ ගිවිසුමම ඒ ආකාරයෙන්ම පිළිගෙන ඇති බවත් මේ වගේ තව ගොඩක් දේවල් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති බවත් විදුලි බිල 33%කින් අඩු කර 9000 බිල 6000ත් 3000 බිල 2000 දක්වා අඩු කර සහන දෙනවා කිව්වත් එය ද නොවූ බවත් 15% විදුලි බිල අඩු කර දැන් ආයේ 6.8%කින් විදුලි බිල වැඩි කරන්න යන බවත් මේවා කරන්නේ නිසි පිරිවැය ගණනය කිරීමෙන් තොරව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
159ක බහුතරයක් තියාගෙන අයි එම් එෆ් එක කියන කියන පදයට නටන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් වත්මන් රජය විශ්වාස කර ජනතාව විශාල ජනවරමක් දුන්නේ අයි එම් එෆ් එකේ පදයට නටන්න නොවන වෙනසක් වෙනුවෙන් බවත් 2028 සිට රු. බිලියන 5ක ණය ගෙවිය යුතු බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අප රටේ ආයෝජන පරිසරය ගැන කියමින් කියන්නේ අඩුපාඩුකම් රැසක් ඇති බවත් ප්‍රතිපත්ති නැවත හැරවීම, ආයතනික සහ නිලධාරීවාදී අසාර්ථකත්වය, නියාමන කටයුතු ගැන කල්තියා අනාවැකි පළ කළ නොහැකි වීම, විනිවිදභාවයේ ගැටලු ව්‍යූහාත්මක ගැටලු රාජ්‍ය ආයතනවලට අදාළ බර ගැටලුවක් බව සදහන් කර ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ගැටලු රැසක් ඇති බවට පවසන බවත් අප රටේ ඇගලුම් අපනයනවල වැඩිම ගමනාන්තය වන ඇමෙරිකාව පවා දැන් මෙසේ කියන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*රටේ දුප්පත්කම වැඩි වෙලා*
ලෝක බැංකුවට අනුව අප රටේ දරිද්‍රතාව ඉතාම ඉහළ මට්ටමක ඇති බවත් දරිද්‍රතා කම්පන සමාජයේ නිර්මාණය වී සැබෑ වැටුප් සහ ශ්‍රම බලකා සහභාගීත්වය 2019 සමග සංසන්දය කරන විට පහළ ගොස් ඇති බවත් ගෘහයක භාණ්ඩ හා සේවා මිල දී ගැනීම අර්බුධකාරී තැනකත් රැකියා උත්පාදනය දුර්වල මට්ටමක පෝෂණ ඌනතාව ඉහළ මට්ටමක ආහාර මිල ගණන් ඉහළ මට්ටමක පවතින බව ලෝක බැංකුව සදහන් කරන බවත් ධනවත් පවුල්වලට වඩා දුප්පත් අය තුන් ගුණයක් වැඩියෙන් ආහාර සදහා වියදම් කරන බවත් දරිද්‍රතා රේඛාව තුළ මෙන්ම ඒ රේඛාව ආසන්නව තවත් විශාල ප්‍රමාණයක් සිටින බවත් ලෝක බැංකුව පෙන්වා දෙන විට Center For poverty analysis කියන ආකාරයට අප රටෙන් 50%ක් දුප්පත් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
*කොහොමද 2028 ණය ගෙවන්නේ ?*
මෙවැනි තත්ත්වයක් උඩ අපිට සතුටු විය හැකි සෘජු විදේශ ආයෝජන අප රටට ලැබෙනවාද නව ව්‍යවසායකයන් බිහි වෙනවාද විරැකියා පෝළිය අඩු වෙනවාද කියා සෙවිය යුතු බවත් ජනතාවගේ අතේ මුදල් ප්‍රමාණය වැඩි වෙනවාද දුප්පත්කම තුරන් කිරීමේ නිසි වැඩපිළිවෙළක් ඇත් ද යන කරුණු දෙස බලන විට 2028 ඇ. ඩොලර් බිලියන 5ක් ගෙවීම වාර්ෂිකව ක්‍රියාත්මක වන විට මේ යන විදිහට අභියෝග ගණනාවකට මුහුණ දෙන්න සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජිනීවා යෝජනාවේ සිදුවූ වාද විවාද සාකච්ඡා තුළ රටවල් 47න් 43ක් අප රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය ගැන සුබවාදීව කතා කලා කියා අහන්න ලැබුණු බවත් එහෙම සුබවාදීව කතා කළ නම් ඉදිරිපත් වූ යෝජනාවට අප රටක් ලෙස විරැද්ධ වූවාව නම් අපිට සුබවාදීව කතා කළ රටවල් 43 අපට පක්ෂපාතී ඡන්ද බවට පරිවර්තනය කරන්න නොහැකි වූයේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
*ජිනීවාවලදී අපට පක්ෂපාතී රටවල් 43 ඡන්ද ගන්න බැරි වුණේ ඇයි කියා රජය පැහැදිලි කළ යුතුයි*
මේ රටවල් 47න් 43ක් අපිට පක්ෂපාතී වූවා නම් ඒවා පක්ෂපාතී ඡන්ද බවට පත් කිරිමට නොහැකි වීම ගැටලුවක් බවත් එය අප රටේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියේ දුර්වලතාවක් බවත් 2009 යුද ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාවට යෝජනාව ජය ගන්න හැකි වූ බවත් එදා අපට පක්ෂ ඡන්දව 29ක් හා විරුද්ධව 12ක් ලැබූ බවත් එයට ප්‍රධාන හේතුව සාර්ථක ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම බවත් මානව හිමිකම් ක්ෂේත්‍රය බාරව කටයුතු කළ ආචාර්ය දයාන් ජයතිලක මහතා තනි ශක්තියෙන් ඡන්ද 29ක් ගත් බවත් දැන් මේ සිදුවු දේ බරපතල ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*සත්ජාතිකත්වයෙන් අපි එකට එක්ව පෙරට යමු*
එම නිසා මේ මොහොතේ හෝ මේ අසාර්ථකභාවය ගැන පාඩම් ඉගෙන ගෙන රටක් ලෙස ජාති භේදය ආගම් භේදය වර්ණ භේදය කුල භේදය පන්ති පක්ෂ භේදය තුරන් කර සත්ජාතිකත්වය ශ්‍රී ලාංකිකයත්වය ශක්තිය බවට පත් කර සියලු දෙනා එකට එක්ව එක මවගේ දරුවන් ලෙස සංහිදියාව අවබෝධතාව සහෝදරත්වය එකමුතුභාවය ශක්තිය කර ගෙන රටේ ප්‍රශ්න රට ඇතුළේ විසදාගෙන මේ ගැටලුවලට විසදුම් ලබා ගත යුතු බවත් රට අභ්‍යන්තරයේ සංහිදියා ක්‍රියාදාමය හරියට ක්‍රියාත්මක කළොත් වාර්ෂික ජිනිවා යන ගැටලුව විසදා ගත හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
https://youtu.be/xASLwL3EyqE?si=tpH4vCEaui2T6Gvl