අනුරාධපුරය, තලාව, මිහිරිගම ප්‍රදේශයේදී ඩොල්ෆින් වෑන් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය වාර්තා කරයි.
අනතුර සිදුව ඇත්තේ අනුරාධපුරය-කුරුණෑගල පදෙණිය මාර්ගයේ අලුයම බව පොලීසිය සඳහන් කරයි.
මෙම අනතුරින් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරට හේතුව නිශ්චිතව තීරණය කිරීම සඳහා තලාව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විටත් ක්‍රියාත්මකයි